BREAKING NEWS
latest

728x90

468x60

Sunday, September 03, 2017

ඒකාබද්දේ ප්‍රබලයෙක් යළි ශ්‍රීලනිපයට !


ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ප්‍රබල මන්ත්‍රීවරයකු ළඟදීම යලි ශ්‍රීලනිපය වෙත එක්වීමට නියමිතව ඇතැයි ඉතා විශ්වාසවන්ත කටයුතු ආරංචිමාර්ග වලින් 'ශ්‍රී ලංකා මිරර්' වෙත වාර්තාවේ.

රාජපක්ෂ පාලන සමයේ ජනප්‍රිය ඇමතිවරයකුව සිටි මෙම ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරයාට, ජනාධිපතිවරයා යටතේ පවතින අමාත්‍යංශයක රාජ්‍ය ඇමති ධුරයක් ලබාදීමට ද එකඟත්වයට පැමිණ ඇතැයි එම ආරංචිමාර්ග පවසයි.

ඔහු හෙට (03) පැවැත්වෙන ශ්‍රීලනිප සම්මේලනයට එක්වීමට නියමිතව සිටියද එය දින කිහිපයකට කල්දමා ඇත්තේ, පෞද්ගලික හේතුවක් මතය.

ඇමති ධුර සීමාවීම ?

එසේම ඒකාබද්ධය නියෝජනය කරන තවත් ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුම යලි ශ්‍රීලනිපය වෙත එක්වීමට එකඟත්වය පළකර ඇතත් ඔවුනට ඇමතිධුර පිරිනැමීමට ඇති නොහැකියාව නිසා ඊට අදාළ කටයුතු තරමක් පමා කර ඇත.

මේ අතර ශ්‍රීලනිප ප්‍රබලයකු විසින් ප්‍රකාශයට පත්කරන ‘සත්හඬ’ පුවත්පත මෙවර සිය ප්‍රධාන සිරස්තලයෙන් යුතුව වාර්තා කර ඇත්තේ, 'ඒකාබද්දෙන් 11ක් ගැලවෙයි!' යන පුවතයි.

ගිවිසුම් කාලය අවසන් වීම හා ඉක්මනින් ශ්‍රීලනිප ආණ්ඩුවක් පිහිටුවිය යුතු බව කියමින් ඇමැතිවරුන් කිහිපදෙනකු සම්මුතිවාදී ආණ්ඩුවෙන් පිටව ගියහොත් ඒකාබද්ධ විපක්ෂයේ 11 දෙනෙක් සම්මුතිවාදී ආණ්ඩුවට එක්වීමට මේ දිනවල සාකච්ඡා කරමින් සිටින බව එම පුවත්පත් වාර්තාවේ දැක්වේ.

ආණ්ඩුවෙන් ඉවත්වන ඇමතිවරුන්ට හිමිව තිබු ඇමති ධුර, ඒකාබද්ධයෙන් එන මන්ත්‍රීවරුන්ට ලබාදීමට ජනාධිපතිවරයා මේවනවිටත් එකඟත්වය ලබාගෙන ඇත.
« PREV
NEXT »