BREAKING NEWS
latest

728x90

468x60

Tuesday, September 26, 2017

ඩිජිටල් විප්ලවයට එකතු වෙන්නේ නැතිව මේ රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න බැහැ - අගමැති

රට දියුණු කිරීම සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමඟ එකතුවී කටයුතු කරන බව ද අග්‍රාමාත්‍යවරයා පැවැසීය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එසේ ප්‍රකාශ කළේ ඊයේ(25) පස්වරුවේ කොළඹ ගාලුමුවදොර පිටිය ආශ්‍රිතව වයිෆයි කලාපයක් ආරම්භ කිරීම සඳහා රෝඩ් සයිඩ් වයිෆයි පැනලය ප්‍රථමවරට ක්‍රියාත්මක කිරීමේ අවස්ථාවට සහභාගි වෙමිණි. මෙම පැනලය ක්‍රියාත්මක වීමත් සමඟම ගාලු මුවදොර පිටියට පැමිණෙන ජනතාවට සහ එය ඉදිරිපස මාර්ගයේ ගමන් කරන ජනතාවට නොමිලේ වයිෆයි පහසුකම් ලබාගත හැක.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා-
මෙවැනි වයිෆයි යන්ත්‍රණ දෙසියක් පමණ කොළඹට ලබා දෙන්න බලාපොරොත්තු වනවා. වයිෆයි ලබාගැනීමට විශාල ඉල්ලීමක් තිබෙනවා. මේ රටේ ජනගහනයේ සංඛ්‍යාවට වඩා ජනතාව ජංගම දුරකතන භාවිත කරනවා. ඒ නිසා අන්තර්ජාල යටිතල පහසුකම් පිළිබඳ තිබෙන ඉල්ලුම ඉතා වැඩියි. අන්තර් ජාලය තුළින් අප ලෝකය හා එකතු වෙනවා. අපගේ වැඩ කටයුතු කර ගන්නවා. වානිජ වැඩ කටයුතු කර ගන්නවා. රටේ සියලු ජනතාවට සම්පූර්ණයෙන්ම අන්තර්ජාල පහසුකම් ලබා දෙන්නයි අප කටයුතු කරන්නෙ.
ඩිජිටල් විප්ලවයට එකතු වෙන්නේ නැතිව මේ රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න බැහැ. ආර්ථිකය ශක්තිමත් කිරීමේ දී ඩිජිටල් ආර්ථිකයට යා යුතුයි. ලෝකයේ සෑම තැනම මෙය සිදුවෙනවා. ලෝකයේ කාලයක් තිබුණෙ කෘෂි ආර්ථිකයක්. ඊට පසුව කර්මාන්ත ආර්ථිකයක් පැමිණියා. බලශක්ති ආර්ථිකයක් ආවා. දැන් අප ඩිජිටල් ආර්ථිකයට යා යුතුයි. මේ කරා ජනතාවට වේගයෙන් ගමන් කරන්න බදු අඩු කළා. මෙම ආර්ථිකයට අප එකතු වුණහම අපේ රටත් පණිඩුඩ හුවමාරු කර ගැනීමේ වැදගත් මධ්‍යස්ථානයක් බවට පත් වෙනවා. මෙවැනි යන්ත්‍ර දස දහසක් පමණ රටේ සවි කරන්නයි අපේ බලාපොරොත්තුව. ලබන අවුරුද්දෙ අප්‍රේල් මාසය වන වන විට උසස් පෙළ පන්ති ආරම්භ වන අවස්ථාවේ එහි සෑම ශිෂ්‍ය, ශිෂ්‍යාවකටම ටැබ් යන්ත්‍ර ලබා දෙනවා. එමගින් නිවසට ඩිජිටල් ආර්ථිකය ගමන් කරනවා. ඩිජිටල් විප්ලවය පැමිණෙනවා. රටේ සියලු දෙනාම ලෝකය පිළිබඳ දැනුම එකතු වෙනවා. අන්තර් ජාලය හා වැඩිපුරම සම්බන්ධ වී සිටින්නෙ තරුණ පරපුර. ඔවුන්ට ලෝකයේ නවීන දැනුම සමඟ එක්වීමේ මාර්ග අප නිර්මාණය කර දිය යුතුයි. ඒක අභියෝගයක් වශයෙන් අප සලකනවා.
මේ රට දියුණු කරන්න නම් අප සියලු දෙනාම එකතු වෙන්න ඕනෙ. අප මේ වන විට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා යටතේ කෙටි කාලයකට පක්ෂ දෙක එකට එකතු වෙලා තිබෙනවා. රටේ ජනතාවට අවශ්‍ය යටිතල පහසුකකම් ලබා දෙනවා නම් ජනතාව අපට දොස් කියන්නෙ නැහැ. ජනතාවට සිතීමට නොහැකි තරමේ දියුණුවක් අප ඇති කරමින් තිබෙනවා. මෙවැනි වැඩ පිළිවෙල ආරම්භ කිරීම පිළිබඳ හරීන් ප්‍රනාන්දු ඇමැතිතුමාටත්, එස්. එල්. ටී ආයතනයටත් මම ස්තුතිය පුදකරනවා.
විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා-
අප මේ වන විට වයිෆයි ස්පොට්ස් හයසීයක් පමණ ස්ථාපිත කර තිබෙනවා. අපේ ඉලක්කය වන්නෙ මේ වසර අවසන් වන විට එය දහස දක්වා වැඩිකරන්න. අලුත් ව්‍යාපෘතිය අනුව ජනවාරි මාසයේ උසස් පෙළ ශිෂ්‍ය, ශිෂ්‍යාවන්ට දෙන ටැබ් යන්ත්‍රයත් සමඟ සියලුම පාසල් ආවරණය වන සේ යන්ත්‍රණයක් නිර්මාණය කර තිබෙනවා. මේ සමඟම ලංකාවේ ස්ථාන අටදහස් හාරසීයක් අප්‍රේල් මාසය වන විට වයි ෆයි කලාප නිර්මානය වෙනවා.
අද මෙම ව්‍යාපෘතිය යටතේ ස්ථාන විස්සක් ආරම්භ වෙනවා. ඉදිරියේ දී එය දෙසියක් වනවා.
මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා ටෙලිකොම් සභාපති කුමාරසිංහ සිරිසේන මහතා අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.
« PREV
NEXT »