Monday, September 18, 2017
Home
Gossip Lanka News
උතුරු මැදට එජාපයෙන් නාලක කොලොන්නේ ? - ගෝඨා - ෆොන්සේකා ගැනත් ආරංචියක්
උතුරු මැදට එජාපයෙන් නාලක කොලොන්නේ ? - ගෝඨා - ෆොන්සේකා ගැනත් ආරංචියක්
-
Monday, September 18, 2017
එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග අනුව උතුරු මැද මහ ඇමති අපේක්ෂකත්වය පොලොන්නරුව දිස්තිකයේ නාලක කොලොන්නේ මහතාට හිමිවනු ඇති බව වාර්තා වේ.
කෙසේ නමුත් උතුරු මැද පළාත් සභාව සඳහා මහ ඇමති අපේක්ෂකවරුන් ලෙස එක්සත් ජාතික පක්ෂයේ තවත් පිරිසක් ඇමති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාගේ නමත්, ඒකාබද්ධ විපක්ෂයේ පිරිසක් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ නමත් යෝජනා කර ඇති බවට ද දේශපාලන ආරංචි පැතිර යයි.
20 සංශෝධනය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණ මතය සහ ලබන බදාදාට ඉදිරිපත් වන සංශෝධනය පිළිබඳව පාර්ලිමේනේතුවේ අනුමැතිය ලැබීම හෝ නොලැබීම මත පළාත් සභා තුනක මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් තීන්දුවක් ලැබීමට නියමිතය.
ඒ අනුව සබරගමුව,උතුරුමැද හා නැගෙනහිර පළාත් සභාවල මැතිවරණය පැවැත්වීමට සිදු වුවහොත් ඒ ඒ පක්ෂ වලින් ඡන්ද සටනට ප්‍රබලයන් ඉදිරිපත් කිරීම ගැන මේ වන විට නාම යොජනා ඉදිරිපත් වෙමින් තිබෙන බව වාර්තාවේ.
මේ අතර 1993දී චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය බස්නාහිර පළාත් සභාවට තරඟ කරමින් ඇතිකළ රැල්ල අනුව මැතිවරණ ජයග්‍රහණ රැල්ලක් ඇති වීම නිසා ගෝඨාභය රාජපක්ෂ මහතා එසේ උතුරු මැද මැතිවරණට යොමු කොට ජයග්‍රහණය කරවිය යුතු බව ඒකාබද්ධ විපක්ෂයේ පිරිසකගේ අදහස වී තිබේ.
