BREAKING NEWS
latest

728x90

468x60

Monday, September 18, 2017

LNG බලාගාරය සැම්සුන්ග් සමාගමට ලබාදුන්නේ නම් වසරකට රටට සිදුවන පාඩුව රු. බිලියන 11 ක් බව ඔප්පු වෙයි

ගොසිප්99 පුවත සත්‍ය කරමින් samsung මගඩිය එළිපිට ඔප්පුවේ.

ඉදිරි වසර 25 සඳහා ශ්‍රී ලංකාවේ විදුලිබල අවශ්‍යතාව සම්පූර්ණ කිරීම වෙනුවෙන් ඉදිකිරීමට නියමිත කෙරවලපිටිය මෙගාවොට් 300 ක ධාරිතාවයෙන් යුතු නව ස්වභාවික වායු විදුලි බලාගාරය සඳහා අන්තර්ජාතික මට්ටමේ තරඟකාරී පදනමින් ටෙන්ඩර් කැඳවීම 2016 වසරේ නොවැම්බර් මස සිදු කෙරිණ. ඒ සඳහා දේශීය සහ විදේශීය සමාගම් 08 ක් ඉදිරිපත් වූ අතර ඒ සියල්ල පසුගිය ජුනි මාසයේ තාක්ෂණික ඇගයීමකට ලක් කෙරිණ. විදුලිබල මණ්ඩලයේ සහ ක්ෂේත්‍රයේ දැනුම සහිත ඉංජිනේරුවන්ගෙන් සමන්විත තාක්ෂණික ඇගයීම් කමිටුව විසින් ඉදිරිපත් වූ සමාගම් 08 න් සමාගම් 06 ක ටෙන්ඩර් පත්‍රිකා විවෘත කර මූල්‍ය තොරතුරු අධ්‍යයනය කළ යුතු බවට කොන්දේසි විරහිතව නිර්දේශ කෙරිණ.
එහෙත් තාක්ෂණික ඇගයීම් කමිටුවේ නිර්දේශ නොතකා කැබිනට් අනුමත ප්‍රසම්පාදන කමිටුව විසින් ඉදිරිපත් කළ එක් ටෙන්ඩර් පත්‍රිකාවක් පමණක් විවෘත කිරීමට කටයුතු කෙරිණි. එලෙස සැම්සුන්ග් සමාගම විසින් ඉදිරිපත් කල ටෙන්ඩර් පත්‍රිකාව පමණක්ම විවෘත කළ යුතු බවටත් අනෙක් ටෙන්ඩර්කරුවන් 05 දෙනා මේ සඳහා සුදුසුකම් නොලබන බවටත් එම කමිටුව විසින් පෙන්වා දුනි. කැබිනට් අනුමත ප්‍රසම්පාදන කමිටුවේ කටයුතු කළ ආචාර්ය බටගොඩ, ජී. එස්. විතානගේ, ඩී. තිලකසේන, විමලේන්තිරාජා සහ ජී. ආර්. එල්. වසන්ත යන නිලධාරීන්ගෙන් මෙම අදහස ඉදිරිපත් කෙරිණ.

කෙසේ වෙතත් අග්‍රාමාත්‍යවරයාගේ සහ කැබිනට් මණ්ඩලයේ උපදෙස් මත තාක්ෂණික ඇගයීම් කමිටුව නිර්දේශ කළ අනෙක් ටෙන්ඩර් පත්‍රිකා 05 ද විවෘත කිරීමට කටයුතු කෙරිණ. ඒ අනුව අද (18) උදෑසන අළුතින් පත්කරන ලද කැබිනට් අනුමත ප්‍රසම්පාදන කමිටුව ඉදිරියේ නිර්දේශිත ටෙන්ඩර් පත්‍රිකා 05 ද කොල්ලුපිටියේ ලෑන්ඩ් මාර්ක් ගොඩනැගිල්ලේ පිහිටි ලංකා විදුලිබල මණ්ඩලයේ ව්‍යාපෘති කාර්යාලයේදී විවෘත කෙරිණ.

වැඩිම සැම්සුන්ග් මිළ ඒකකයට රු. 21 යි.
තාක්ෂණික ඇගයීම් කමිටුව නිර්දේශ කළ අනෙක් 05 දෙනාගේ මිළ අඩුයි.

එහිදී හෙළිවූයේ සැම්සුන්ග් සමාගම මෙම ටෙන්ඩරයට අදාළව ඒකක වටිනාකමක් ඉදිරිපත් කර නොමැති බවයි. කෙසේ වෙතත් සැම්සුන්ග් සමාගම ඉදිරිපත් කර තිබූ තාක්ෂණික පිරිවිතරයන් සහ මෙහෙයුම් වියදම් මත පදනම්ව ඔවුන් විසින් උත්පාදනය කරන එක් විදුලි ඒකකයක වියදම රු. 21 කි. තාක්ෂණික ඇගයීම් කමිටුව නිර්දේශ කළ අනෙක් 05 දෙනාගේ ඒකක පිරිවැය පහත දක්වා ඇත.

·         සොජිට්ස් කෝර්පරේෂන්  සහ එයිටිකන්ස්පෙන්ස් ඒකාබද්ධ ආයතනයේ විදුලි ඒකකයක වියදම රු. 16.79 කි.
·         සී.ජී.එන්.පී.සී. ජාත්‍යන්තර සමාගමේ විදුලි ඒකකයක වියදම රු. 18.09 කි.
·         ජී.සී.එල්. වින්ෆෝස් සහ රිනිව්ජෙන් ආයතනය ඉදිරිපත් කළ ටෙන්ඩරයේ විදුලි ඒකකයක වියදම රු. 15.97 කි.
·         ලක්දනවි සමාගමේ විදුලි ඒකකයක වියදම රු. 14.98 කි.
·         සමිට්පවර් ඉන්ටර්නැෂනල් පුද්ගලික සමාගමේ විදුලි ඒකකයක වියදම රු. 16.33 කි.

ඒ අනුව සැම්සුන්ග් සමාගම පමණක් මෙම ටෙන්ඩරයෙන් තෝරාගෙන ස්වභාවික වායු විදුලි බලාගාරය ඉදිකර මෙගාවොට් 300 ක ධාරිතාවක් සහිතව වාර්ෂිකව විදුලිය සැපවූයේ නම් රටට වසරකට සිදුවන පාඩුව රුපියල් බිලියන 11 කි. ටෙන්ඩරයට අනුව ඉදිරිපත් කළ මිළ ගණන් යටතේ වසර 20 ක කාලයක් පවත්වාගත යුතු අතර එසේ වීමේදී සැම්සුන්ග් සමාගමට ටෙන්ඩරය ලබාදීම හේතුවෙන් වසර 20 ට රටට සිදුවන මූල්‍ය පාඩුව රුපියල් බිලියන 220 කි.

විතානගේගේ සහ කීර්ති තෙන්නකෝන්ගේ දේශප්‍රේමය හෙළිවෙයි.

තත්ත්වය එසේ තිබියදී කුප්‍රකට ගල් අඟුරු වංචාවට සම්බන්ධ වී ශ්‍රේෂාඨාධිකරණයේ උදහසටද ලක් වූ ජී. එස්. විතානගේ වැනි මහජන මුදලින් වැටුප් ලබන රාජ්‍ය නිලධාරීන් මෙන්ම රටේ පැත්තෙන් හිටගෙන වංචා දූෂණ වලට එරෙහිව පෙනී සිටිනවා යැයි කියන කීර්ති තෙන්නකෝන් වැනි සමාජ ක්‍රියාකාරිකයන්ද සැම්සුන්ග් සමාගමේ සහ එහි මෙරට ඒජන්තවරුන්ගේ මුදලට සහ වෙනත් ප්‍රචාරණ වාසි වලට යටවෙමින් රටට සිදුකරන්නට ගිය රුපියල් බිලියන 220 කටත් එහා වන පාඩුව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ඇතැම් නිලධාරීන්, ලංවිම ඉංජිනේරුවන්, ජනපති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය සහ ගරු අග්‍රාමාත්‍යවරයාගේ උනන්දුව සහ සැබෑ ජනමාධ්‍යවේදීන්ගේ හා සැබෑ ජනමාධ්‍ය ආයතනවල කැපවීම මත වළක්වා ගත හැකි විය.

රට අඳුරේ හෙළමින් බලශක්ති සුරක්ෂිතතාවය අවධානමේ හෙළීමට කටයුතු කළ නිලධාරීන්, මහජන නියෝජිතයන් සහ ආයතන විසින් දූෂිත ගණුදෙණුවලට පක්ෂව සහ ඒවා දැක දැක නොදැක්කා සේ සිටීම අපේ පරපුර පමණක් නොව අනාගත පරපුරද අවධානමට ලක්කරන්නකි. සියළු පුරවැසියන් සහ රට ගැන හිතන මාධ්‍යවේදීන් හා මාධ්‍ය ආයතන එක්ව තරාතිරම නොබලා මේ මහා වංචාවන්ගෙන් රට ගලවාගැනීමට ඉදිරිපත් විය යුතුය. ඊට පක්ෂ පාට භේද කිසිවක් අදාළ කරගත යුතු නැත.


පෙර පුවත : බලාගාර හොරු සමඟ 2020 දී රටම අඳුරට ගෙන යන samsung සහ නිලධාරීචාදය
« PREV
NEXT »