බෞද්ධ ප්‍රතිපත්ති හා මූලධර්ම මත පදනම්ව ඇති නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව මඟින් බුද්ධාගමට ඇති ප්‍රමුඛස්‌ථානය සමාජය තුළ ආරක්‌ෂා කර ඇතැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (21 දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.Friday, September 22, 2017
Home
Gossip Lanka News
බුද්ධාගමට ඇති ප්‍රමුඛස්‌ථානය නව ව්‍යවස්‌ථාවෙන් ආරක්‌ෂිතයි
බුද්ධාගමට ඇති ප්‍රමුඛස්‌ථානය නව ව්‍යවස්‌ථාවෙන් ආරක්‌ෂිතයි
-
Friday, September 22, 2017
බෞද්ධ ප්‍රතිපත්ති හා මූලධර්ම මත පදනම්ව ඇති නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව මඟින් බුද්ධාගමට ඇති ප්‍රමුඛස්‌ථානය සමාජය තුළ ආරක්‌ෂා කර ඇතැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (21 දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවේය.
නව ව්‍යවස්‌ථාවේ පළමු පරිච්ඡේදයෙන් ශ්‍රී ලංකාව ඒකීය රාජ්‍යයක් විය යුතු බවට යෝජනා කර ඇතැයි කී අගමැතිවරයා එම පරිච්ඡේදයේ බලය බෙදීමේ මූලධර්ම ද ඇතුළත් කර තිබෙන බව කීවේය.
බලය බෙදීමේ මූලධර්ම සම්බන්ධව එකඟතාවක් ඇතිකර ගන්නේ කෙසේ ද යන්න පිළිබඳ තීරණයක් ගැනීම එක්‌සත් ජාතික පක්‌ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්‌ෂය මත පැවරී ඇතැයි ද කීවේය. එවන් එකඟතාවක් ඇතිකර ගැනීම සඳහා පක්‌ෂ දෙකට තිබෙන හැකියාව අනුව රටේ අනාගතය තීරණය වනු ඇතැයි ද අගමැතිවරයා ප්‍රකාශ කළේය.