Sunday, September 17, 2017
Home
Gossip Lanka News
පළාත් සභා මැතිවරණය නොවැම්බරයේ ?
පළාත් සභා මැතිවරණය නොවැම්බරයේ ?
-
Sunday, September 17, 2017
ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 20 වැනි සංශෝධනය සම්මත කිරීමට ජනමත විචාරණයක් අවශ්‍ය බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇත්නම් පළාත් සභා මැතිවරණය පෙර පරිදි කඩින්කඩ පැවැත්වීමට ආණ්‌ඩුව තීරණය කර ඇති බව රජයේ ආරංචි මාර්ග පැවසීය.
එසේ වුවහොත් මේ මස 26 වැනිදායින් පසුව නිල කාලය අවසන් වන සබරගමුව, උතුරුමැද හා නැගෙනහිර යන පළාත් සභාවල මැතිවරණය කැඳවීමේ ගැසට් නිවේදනය ලබන මස 02 වැනිදා මැතිවරණ කොමිසම නිකුත් කරනු ඇත.
ඒ අනුව බොහෝ දුරට ඉහත පළාත් සභාවල මැතිවරණ පළාත් පාලන මැතිවරණයට පෙර පැවැත්වෙනු ඇති බවත් එම ආරංචි මාර්ග පැවසීය.
පළාත් සභා මැතිවරණය එකම දිනයක පැවැත්වීමට අදාළ විසිවන ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනය ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට අනනුකූල ද, අනනුකූල නොවේද යන්න පිළිබඳව ශේ්‍රෂ්ඨාධිකරණ තීන්දුව අඟහරුවාදා (19 දා) කථානායකවරයා විසින් පාර්ලිමේන්තුවට දැනුම් දීමට නියමිතය.
ඒ අනුව පසුදා එනම් 20 වැනිදා පෙරවරු 9.30 සිට විසිවැනි ව්‍යවස්‌ථා සංශෝධනය අනුමත කිරීම පිළිබඳ පාර්ලිමේන්තු විවාදය පස්‌වරුව දක්‌වා පැවැත්වීමට නියමිතය.
කෙසේ වෙතත් බදාදා (20 දා) විසිවැනි සංශෝධනයට අදාළ පාර්ලිමේන්තු විවාදය පවත්වන්නේ ශේ්‍රෂ්ඨාධිකරණය විසින් ලබාදී ඇති තීන්දුව මත බවද කී හෙතෙම ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බවට අධිකරණය පවසා ඇත්නම් පාර්ලිමේන්තු විවාදය පවත්වා සරල බහුතරයකින් සංශෝධනය සම්මත කර ගැනීමට හැකිවනු ඇතැයි ද කීවේය.
පළාත් සභාවලට මන්ත්‍රීවරුන් තෝරා පත්කර ගැනීමේ ඡන්ද විමසීම එකම දිනයක පැවැත්වීම සහ සියලුම පළාත් සභා විසිරෙන දිනය පාර්ලිමේන්තුව විසින් නිශ්චය කළ යුතුය යන්න විසිවැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනයට ඇතුළත් ය.
නමුත් දේශපාලන ආරංචිමාර්ග පවසන්නේ පළාත් සභා මැතිවරනය නොවැම්බරයේ පැවැත්නෙව බවට යම් කසුකුසුවක් පවතින බවෙයි.
