BREAKING NEWS
latest

728x90

468x60

Friday, October 20, 2017

ඉදිරි වසර දෙක තුළ කෝටි ලක්ෂ 3ක ණය ගෙවන්න සිදු වෙලා

ඉදිරි වසර දෙක ඇතුළතදී රජයට රුපියල් කෝටි ලක්ෂ 3ක ණය මුදලක් ගෙවීමට සිදුව තිබෙන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.මෙම ණය මුදල් ගෙවන ආකාරය පිළිබඳව මුදල් අමාත්‍යවරයා ලබන 9 වැනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අය - වැය ලේඛනය මඟින් විස්තර කිරීමට නියමිත බවද අග්‍රාමාත්‍යවරයා පවසයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව පැවැසුවේ පසුගියදා (18දා) නව උදාගම්මාන වැඩසටහන යටතේ ජනතා අයිතියට පත්කරනු ලැබූ නාත්තණ්ඩිය මානිංගල 'අශෝකපුර' උදාගම්මානය විවෘත කිරීමේ උත්සවයට සහභාගි වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා 'ආර්ථික අභියෝග හමුවේ ආණ්ඩුව කිසිදු විටෙක පැන යන්නේ නැති බවටත් රැකියා අවස්ථා උදාකරමින් ආදායම් මාර්ග වැඩිකර රටේ ස්ථාවර ආර්ථික සංවර්ධනයක් ඇති කරන බවත් සඳහන් කළේය.'
« PREV
NEXT »