BREAKING NEWS
latest

728x90

468x60

Friday, October 20, 2017

බෙලිඅත්ත භාර ගැනීමට මහින්ද ගෙන් කොන්දේසියක්.

ආණ්‌ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂ මැති ඇමැතිවරුන් සියලු දෙනා ප්‍රථමයෙන් යහපාලන ආණ්‌ඩුවෙන් ඉවත්ව ඒකාබද්ධ විපක්‌ෂයත් සමඟ එකට එක්‌වෙනවා නම් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා බෙලිඅත්ත නොව ඕනෑම ආසනයක්‌ භාරගැනීමට සූදානම් යෑයි පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.

ශ්‍රීලනිප මන්ත්‍රීන් එක්‌සත් ජාතික පක්‌ෂයේ ප්‍රතිපත්ති සමඟ සිටින තෙක්‌ බෙලිඅත්ත ආසනය භාරගෙන වැඩක්‌a නැතැයි කී මන්ත්‍රීවරයා පළමුව ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ මතය හා ප්‍රතිපත්ති මත එකට සිටිය යුතුව ඇතැයිද කීවේය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතාට බෙලිඅත්ත ආසනය භාරගෙන පක්‌ෂය දිනවීමට එක්‌වන්නැයි මහින්ද අමරවීර ඇමැතිවරයා කර තිබෙන ප්‍රකාශයක්‌ සම්බන්ධයෙන් මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

මහින්ද රාජපක්‌ෂ මහතාට බෙලිඅත්ත ආසනය භාරගන්න කියා මහින්ද අමරවීර ඇමැතිවරයා කියන්නට අවශ්‍ය නැති බවත් ඒකාබද්ධ විපක්‌ෂය වශයෙන් තමන් වෙන්ම සිටින්නේ එක්‌සත් ජාතික පක්‌ෂය ආණ්‌ඩුව සමඟ එකට සිටීමට නොහැකි නිසා බවත්, අමරවීර මහතා කියන ආකාරයට ආණ්‌ඩුවේ සංවිධායක ධුර භාරගැනීමට තමන් සූදානම් නැති බවත් හෙතෙම පැවැසීය.

ආණ්‌ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂ මැති ඇමැතිවරුන් ආණ්‌ඩුවෙන් ඉවත්වීමට සූදානම් නම් සාකච්ඡා කර එකඟතාවකට පැමිණීමට සූදානම් යෑයිද මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
« PREV
NEXT »