BREAKING NEWS
latest

728x90

468x60

Wednesday, October 11, 2017

අගමැති ෆින්ලන්තයේ, හෙල්සිංකි නුවර ඒඩබ්ලිව් බලශක්ති ආයතනයේ අධ්‍යයන චාරිකාවක

මුහුදු රළ මගින් බල ශක්ති උත්පාදනය කරලීම පිළිබඳව තමන් සතු අත්දැකීම් සහ තාක්‍ෂණය ශ්‍රී ලංකාවට සැපයීමටත්, ශ්‍රී ලංකා මුහුදු තීරයේ මුහුදු රළ බල ශක්ති නිෂ්පාදනය සඳහා සහය ලබා දීමටත් තමන් සූදානම් බව ෆින්ලන්තයේ ඒඩබ්ලිව් බලශක්ති ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ජෝන් ලියෙලෙයුන්ඩ් (John Liljelund) මහතා පැවසීය.

ශ්‍රී ලංකාව අවට මුහුදු තීරයේ මූලික සමීක්‍ෂණ කාර්යයන් දැන් සිදු කර අවසන් බවත්, ලබන වසරේ දී ශ්‍රී ලංකාවේ මුහුදු රළ බලශක්ති නිපදවීමේ කාර්යයන් ආරම්භ කිරීමට අපේක්‍ෂා කරන බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

ලියෙලෙයුන්ඩ් මහතා එසේ සඳහන් කළේ ලෝකයේ නවතම පුනර්ජනනීය බල උත්පාදක මාධ්‍යක් වූ මුහුදු රළ බල උත්පාදනය පිළිබඳ අධ්‍යයනය කිරීම සඳහා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන දූත පිරිස (09 වන දා) සන්ධ්‍යාවේ ෆින්ලන්තයේ හෙල්සිංකි නුවර ඒඩබ්ලිව් බලශක්ති ආයතනයේ අධ්‍යයන චාරිකාවක නිරත වූ අවස්ථාවේදීය.

මුහුදු රළ බල උත්පාදනය සඳහා ඒඩබිලිව් ආයතනය විසින් නව තාක්‍ෂණයෙන් සන්නද්ධ යන්ත්‍ර සූත්‍ර ගණනාවක් නිර්මාණය කර ඇති අතර, ශ්‍රී ලංකා දූත පිරිස ඒවායේ ක්‍රියාකාරීත්වය පිළිබඳව ද මේ සංචාරයේ දී අවබෝධයක් ලබා ගත්හ.

තවමත් ලොව පුරා බල ශක්ති උත්පාදනය සඳහා මහා පරිමාණ වශයෙන් මුහුදු රළ යොදා නොගන්නා නමුත්, අනාගත ලෝකයේ බලවත්ම බලශක්ති උත්පාදන මාධ්‍යයක් ලෙස මුහුදු රළ භාවිතයට ගැනෙණු ඇත.

පරිසර හිතකාමී මුහුදු රළ බල ශක්තිය, විදුලි බලය නිපදවීම, මුහුදු ජලය පිරිසිදු කිරීම හා ජලය පොම්ප කිරීම වැනි කාර්යයන් සඳහා පහසුවෙන් යොදා ගත හැකිය. මෙතෙක් සිදු කළ පර්යේෂණයන් අනුව ඉන්දීය සාගරය ද මුහුදු රළ බල ශක්ති උත්පාදන කලාපයක් සේ සැලකේ.

ඒඩබ්ලිව් බලශක්ති ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ජෝන් ලියෙලෙයුන්ඩ් (John Liljelund), ප්‍රධාන තාක්‍ෂණ නිලධාරී ක්‍රිස්ටෝෆර් රිජ්වෙල් (Christopher Ridgewell), ව්‍යාපාර සංවර්ධන නිලධාරී තොමසා මුචා (Tomas Mucha), ප්‍රධාන ඉංජිනේරු සමී පසනෙන් (Sami Pasanen) යන මහත්වරු මෙහිදී පැහැදිලි කිරීම් කළහ.

අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, ෆින්ලන්තයේ ශ්‍රී ලංකා තානාපති ජයන්ත පලිපාන, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි, විශේෂ සහායිකා සැන්ඩ්‍රා පෙරේරා, දකුණු ආසියාව සඳහා ෆින්ලන්ත තානාපති රූලි සුයික්කනෙන් (Rauli Suikkanen), දකුණු ආසියා කලාපීය කළමනාකරු පේත්‍රි වනර් (Perti Wanner) සහ ශ්‍රී ලංකාවේ ෆින්ලන්ත කොන්සල් ජෙනරල් අශ්රොෆ් ඔමාර්, ශ්‍රී ලංකා - ෆින්ලන්ත ව්‍යාපාරික කවුන්සලයේ සභාපති ජයන්ත සමරකෝන්, ඇරෝ ජාත්‍යන්තර සමාගමේ අධ්‍යක්‍ෂ සුරේෂ් සුබ්‍රමානියම් යන මහත්ම මහත්මීහු ද මේ අධ්‍යයන සංචාරයට එක් වූහ.
« PREV
NEXT »