BREAKING NEWS
latest

728x90

468x60

Wednesday, October 11, 2017

නාමල් රාජපක්ෂ බන්ධනාගාරයට ගෙනයන මාර්ගයේ ටයර් ගිනි තැබූ හැටි

නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ඇතුළු පිරිස ඊයේ (10) රාත්‍රි 11.00ට පමණ තංගල්ල බන්ධනාගාරයට රැගෙන යන අතරතුර එම වාහන ගමන් ගන්නා මාර්ගයෙහි ටයර් ගිනිතබා තිබුණා.


ඉන් මාර්ගයේ ධාවන කටයුතුවලට තරමක බාධා ඇති වුණා. කෙසේවෙතත් පිරිස තංගල්ල බන්ධනාගාරය වෙත රැගෙන ගොස් තිබෙනවා.

මත්තල ගුවන්තොටුපොළ දීර්ඝකාලීන බදු පදනම යටතේ ඉන්දියාවට ලබාදීමට එරෙහිව ඔක්තෝබර් 06 වැනිදා හම්බන්තොට නගරයේ ගෙන ගිය උද්ඝෝෂණය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා කළ කැඳවීමක් අනුව ඊයේ හම්බන්තොට පොලිසියට පැමිණි අවස්ථාවේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු පිරිස අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් රාත්‍රී 10.00 ට පමණ හම්බන්තොට මහේස්ත්‍රාත් නිල නිවසේදී මංජුල කරුණාරත්න හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි ඔවුන් ලබන 16 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන මෙන් මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ.

නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා සමඟ රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණ කණ්ඩායමට ඩී. වී. චානක සහ ප්‍රසන්න රණවීර යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ද ඇතුළත් වෙනවා.

ඊට අමතරව උපාලි කොඩිකාර,සම්පත් අතුකෝරල සහ මේජර් අජිත් ප්‍රසන්න යන පිරිසද ඇතුළත්.

ඔවුන් අත්අඩංගුවට ගැනීමට සහ රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට හේතු වශයෙන්, නීති විරෝධී ජනරාශිය, පොදු දේපොළවලට හානි සිදු කරනු ලැබීම, පොලිස් නිලධාරීන්ට තුවාල සිදු කිරීම, රාජකාරියට බාධා කිරීම, අධිකරණ නියෝග කඩ කිරීම යන චෝදනා ඉදිරිපත් කරනු ලැබ තිබුණා.

මේ වන විට හම්බන්තොට පැවතී විරෝධතාවය සම්බන්ධයෙන් මෙම පාර්ලිමේන්තු හා පළාත් සභා මන්ත්‍රීවරුන් ඇතුළු සැකකරුවන් 40 දෙනෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.


« PREV
NEXT »