Thursday, October 05, 2017
Home
Gossip Lanka News
රාජ්‍ය බැංකු තුනක ලොක්කෝ බැදුම්කර කොමිසමේදි රවී කරුණානායකගේ රෙදි ගලවයි.
රාජ්‍ය බැංකු තුනක ලොක්කෝ බැදුම්කර කොමිසමේදි රවී කරුණානායකගේ රෙදි ගලවයි.
-
Thursday, October 05, 2017
ආන්දෝලාත්මක බැදුම්කර ගණුදෙනුව සිදුවන අවස්ථාවේදී අඩු ලංසු ඉදිරිපත් කරන ලෙස හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා උපදෙස් ලබාදී ඇති බව ප්‍රශ්න ගත බැදුම්කර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසමේදී ඊයේ (04) අනාවරණ වුණා. ඒ අනුව මහ බැංකු බැඳුම්කර වෙන්දේසි දෙකකදී අඩු ලංසු ඉදිරිපත් කරන ලෙස හිටපු මුදල් ඇමති රවී කරුණානායක තමන්ට දැනුම් දුන් බව ලංකා බැංකුවේ, ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සහ මහජන බැංකුවේ සභාපතිවරුන් තිදෙනා සහ එම බැංකු වල ප‍්‍රධානීන් බැඳුම්කර කොමිසම හමුවේ අද (4) හෙළි කළහ.
රාජ්‍ය බැංකු තුනේ ප‍්‍රධානීන් මුදල් අමාත්‍යංශයට කැඳවා හිටපු මුදල් ඇමැති රවී කරුණානායක මහතා මේ බව තමන්ට දැනුම් දුන්නේ යැයි කී ඔවුහු රවී කරුණානායක මහතාගේ මෙම දැනුම්දීමට අනුව කටයුතු කිරීම හේතුවෙන් රාජ්‍ය බැංකු වලට ලබාගත හැකිව තිබු විශාල ලාභයක් අහිමිව ගිය බවද රාජ්‍ය බැංකු වලට විශාල පාඩු සිදුවු බවද වැඩිදුරටත් දැනුම් දුන්හ.
බැඳුම්කර කොමිසම හමුවට කැඳවනු ලැබු ලංකා බැංකුවේ සභාපති රෝලන්ඞ් පෙරේරා මහතා, ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සභාපති අස්වින් ද සිල්වා මහතා, සහ මහජන බැංකුවේ සභාපති හේමසිරි ප‍්‍රනාන්දු මහතා මෙන්ම එම බැංකු තුනේ නිලධාරීන් මහ බැංකු බැඳුම්කර වෙන්දේසි වලදී හිටපු මුදල් ඇමති රවී කරුණානායක මහතාගේ මැදිහත්වීම් හෙළි කළහ.
