BREAKING NEWS
latest

728x90

468x60

Thursday, October 05, 2017

ජාතිවාදී ආගම්වාදී යෝජනා එපා

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ජාතිවාදී හෝ ආගම්වාදී යෝජනා ඉදිරිපත් කිරීමට කිසිදු පාර්ශ්වයකට කිසිසේත්ම ඉඩ නොදෙන්නැයි තම පක්ෂය සියලු ආගමික නායකයන්ගෙන් ඉල්ලා සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි සුනිල් හඳුන්නෙත්ති පවසයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය වන කිසිදු අවස්ථාවක තම පක්ෂයේ පාර්ලිමේන්තු නියෝජනයක් නොතිබූ බවත් මෙවර ව්‍යවස්ථාවෙන් රට බෙදීමේ කිසිදු කොන්දේසියකට ඉඩ නොතබන බවත් මන්ත්‍රිවරයා සහතික වෙයි.

හඳුන්නෙත්ති මහතා පවසන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩල මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තා කෙටුම්පතට ජ.වි.පෙ. විසින් අදහස් හා සංශෝධන 9ක් ඉදිරිපත් කර ඇති බවය.

එය ලබන 30 හා 31 යන දෙදින පාර්ලිමේන්තුවේ සම්පූර්ණ විවාදයකට ලක් කරන ලද බවද ඒ මහතා පැවැසීය.
« PREV
NEXT »