BREAKING NEWS
latest

728x90

468x60

Monday, October 16, 2017

තෝ දැනගනිං නාකියා තොට මං කරන දේ - නාමල් සුමනදාසට සුද්ද සිංහලෙන් අමතයි

රාජපක්ෂ පවුලේ හිටපු රාජකීය දෛවඥයා වූ සුමනදාස අබේගුණවර්ධන පසුගිය දාක ජාතික පුවත්පත් කිහිපයකට සහ ජාත්‍යන්තර මාධ්‍යයකට අදහස් දක්වමින් අනාවැකි පළකර තිබුණේ රාජපක්ෂ පවුලෙන් ඊළඟ දේශපාලනික චරිතය ලෙස ඉදිරියට එනු ඇත්තේ මෙතෙක් දේශපාලනයෙහි නිතර නොවූ පුද්ගලයකු බවත් ඔහු දැනටත් යම් යම් අත්හදා බැලීම් කරමින් සිටින බවත් වශයෙනි. මෙය දුටු නාමල් රාජපක්ෂට නනුතයට ම කේන්ති ගොස් තිබේ.

සුමනදාසට දුරකථන ඇමතුමක් ගත් නාමල් රාජපක්ෂ ” ඈ බොල සුමනයෝ. තෝ අපිට වතාවක් කෙළෙව්වා, දැන් ආයෙත් කෙළවන්නද හදන්නේ ? මෙතන ගෝටාව ෆෝම් කර කර .. තෝ දැනගනිං නාකියා තොට මං කරන දේ … ” යනා දී වශයෙන් අසභ්‍ය වචන ද සහිතව ඉතා තදින් බැණ වැදී තිබේ. වයස ගැනවත් නොසිතා නාමල් තමන්ට අමතන ආකරය මඳ වේලාවක් අසා සිටි සුමනදාස දෛවඥයා ඊට පිළිතුරු දී ඇත්තේ ” වැඩිය කෑකොසන් ගහන්න එපා නාමල් බේබී, අර ෆයිල් එකේ කරුණු වගයක් මං ගාවත් තියෙනවා” යනුවෙනි. ඉන් එහා වචනයක්වත් නොකියූ නාමල් දුරකථනය විසන්ධි කර තිබේ.

ඊළඟ දිනයේ සුමනදාසව අමතා ඇත්තේ මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයාය. සුපුරුදු මොත්තය අනුව යමින් මහින්ද ” සුමනේ … කොහොමද ඉතිං තොරතුරු ? ඇයි දැන් මේ පැත්තෙ එන්නෙවත් නැත්තේ ? මොකද වෙලා තියෙන්නේ ?” යනුවෙන් විමසා ඇත. “එනවා තියා ඔය පැත්ත හැරිලාවත් බලන්නෙ කොහොමද මහින්ද මහත්තයෝ නාමල් බේබි අපිට කතා කරන විදිහට ?” යනුවෙන් පවසමින් සුමනදාස හිටපු ජනාධිපතිවරයාට විස්තරය කියා තිබේ.

එහිදී මහින්ද ” ඔව්වා ගණං ගන්න එපා සුමනේ … දන්නැද්ද ඉතිං කොල්ලොනේ … උන් තරහ ගියාම කටට එන හැම එකම කියනවානේ …” යනුවෙන් ශේප් න්‍යායෙන් පිළිතුරු දී ඇත. එහිදී සුමනදාස මහින්ද උපදේශයක් ද දෙමින් පවසා ඇත්තේ “මහින්ද මහත්තයෝ, නාමල් බේබිව පුළුවන් නම් වෙන රටකටවත් යවන්න. මෙහෙ හිටියොත් එයාට දේශපාලනය කරන්න නෙවෙයි වෙන්නේ, ඔහොම ගියොත් එයා හිරේ විලංගුවෙ වැටිලා ප්‍රජා අයිතියත් අහෝසි කරගෙනයි නතර වෙන්නේ” යනුවෙනි.

සුමනදාස හෙවත් සාත්තර සුමනේ මහින්දට දුන් උපදේශය ඔහුට දෙන්නට අපට නම් සාත්තර බැලීමේ වුවමනාවක් නැත. අප කාලයක පටන් ම කියන්නේ නාමල්ගේ ගමන කෙළවර වන්නේ ප්‍රජා අයිතිය ද අහෝසි කරගෙන බවය. එසේම සුමනදාස නාමල්ගේ කට වැසූ “අර ෆයිල් එක” ගැන අපට ද යම් තොරතුරක් ලැබී තිබේ. ඒ රුපියල් මිලියන 20ක් වියදම් කර දැනට වසන් කරගෙන ඉන්නා දරුණු අපරාධයක් සම්බන්ධවය.මේ සම්බන්ධව අපේ විමර්ශන තවමත් අවසන්ව නැත. කරුණු තහවුරු කරගත් සැණින් එම අපරාධය සම්බන්ධයෙන් තොරතුරු හෙළිදරව් කිරීමට අප සූදානම් ය.
« PREV
NEXT »