BREAKING NEWS
latest

728x90

468x60

Tuesday, October 17, 2017

ජුලම්පිටියේ අමරෙගෙන් නාමල්ට බන්ධනාගාරයේදී සරමක්

හම්බන්තොට පැවැති විරෝධතාවට අදාළව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එම බන්ධනාගාරයේස සිරගත කර ඇති ජුලම්පිටියේ අමරේ නම් පුද්ගලයාගෙන් සරමක් ලැබී තිබේ.

නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා සෑම අඟහරුවාදාවකම අද පුවත්පතට ලියන කුරහන් සුවඳ තීරු ලිපියේ මේ බව දක්වෙයි.

"මා හට බන්ධනාගාරයගත වීමට සිදුවූයේ '2901' අංකය යටතේය. අධිකරණය මගින් මා ඇතුළු පිරිස බන්ධනාගාරගත කිරීමට නියෝග කිරීමෙන් පසුව බන්ධනාගාරයට රැගෙන ආවේ රාත්‍රී 12.00ට පමණය. රාත්‍රී 12.00ට බන්ධනාගාරගත කළ අපට ඇඳීමට ඇඳුමක් නොතිබිණි. පසුව 'ජුලම්පිටියේ අමරේ' නමින් හැඳින්වෙන සිරකරුවෙකුගෙන් අපට ඇඳගෙන සිටීමට සරම් ලැබිණි.

නන්දවත්තේ බාලයා' නමින් හැඳින්වෙන සිරකරුවෙකු රඳවා සිටි සිරමැදිරියකට අප යොමුකෙරිණි. සිරගෙදර තෙමෙන්නේ වර්ෂාව ඇතිව තිබෙන අවස්ථාවේදී පමණය. දිගින් දිගටම වර්ෂාව තිබීම හේතුවෙන් බන්ධනාගාරගත කර සිටි පිරිසට දින තුන හතරක් රාත්‍රියේ නිදාගැනිමට නොහැකි වූහ.

වැස්ස නොමැති අවස්ථාවලදී මදුරුවන්ගෙන් පීඩා විඳීමට සිදුවිය. අවම වශයෙන් දිනකට මැක්කන් 500-1000ක් සිරමැදිරියෙන් ඉවත් කරනු ලැබීය. 'සිරකරුවෝද මනුෂ්‍යයෝය' යන්න කියමනක් පැවැතියද තංගල්ල බන්ධනගාරයේ නම් එවැනි තත්ත්වයක් නොමැත."
« PREV
NEXT »