Tuesday, October 17, 2017
Home
Gossip Lanka News
"මේ නපුංසක රජයේ නිලධාරීන් එක්ක මොකුත් කරන්න බෑ" කියල මම කිවුවු - ඥානසාර හිමි
"මේ නපුංසක රජයේ නිලධාරීන් එක්ක මොකුත් කරන්න බෑ" කියල මම කිවුවු - ඥානසාර හිමි
-
Tuesday, October 17, 2017
'මේ නපුංසක රජයේ නිලධාරීන් එක්ක මොකුත් කරන්න බෑ. මේක සුද්දාගේ නීතිය මේක අපි පිළිපදින්නේ නෑ' යැයි මා හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේදී ප්‍රකාශ කළ බව මා පිළිගන්නවා. ඒ අවස්ථාවේදී හැඟීම්බර වීම සමඟ එසේ ප්‍රකාශ කළා' යැයි බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ ඊයේ (16) අභියාචනාධිකරණයේදී ප්‍රකාශ කළහ.
අධිකරණයට අපහාස කිරීම සම්බන්ධව මට එරෙහි මෙම නඩු විභාගයේදී සාක්කිදුන් හෝමාගම හිටපු මහේස්ත්‍රාත්වරයා එහිදී සිදු නොවූ දේ වුණා යැයි සාක්කි ලබාදුන්නා. කතා කිරීම නවතන ලෙස ඔහු මට අවවාද කිරීමක් කළේ නැහැ යැයි උන්වහන්සේ තවදුරටත් කීය. හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේදී කළහකාරී ලෙස හැසිරීමෙන් අධිකරණයට අපහාස කර ඇති බවට ඇති නඩුවෙහි විත්තිකාර ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ අභියාචනාධිකරණයේදී මේ බව කීය.
ඉකුත් 2016 ජනවාරි මස 25 වැනිදා හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු කටයුතු විභාග වෙමින් තිබියදී අධිකරණ ශාලාව තුළ කලහකාරී ලෙස හැසිරීමෙන් බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අධිකරණයට අපහාස කර ඇතිදැයි විභාගයක් පවත්වා දඬුවම් පමුණුවන ලෙස ඉල්ලා හෝමාගම හිටපු මහේස්ත්‍රාත් රංග සී. දිසානායක මහතා විසින් අභියාචනාධිකරණයට ලිපියක් ගොනු කර තිබුණි.
ඒ අනුව පැවැති නඩු විභාගයේදී විත්තිකාර ඥානසාර හිමියන් සාක්කිදීම ආරම්භ කළ අතර නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් රොහාන්ත අබේසුරිය මහතාගේ මෙහෙයවීම මත හරස් ප්‍රශ්න වලට පිළිතුරුදීම සිදු කෙරිණි.
Most Reading
-
කාන්තාවකට අයුතු අවහිරයක් සිදුකර කර සාපරාධී බලහත්කාරකමක් කිරිමට අදාළව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතාගේ බිරිඳ සහ දියණිය වහා...
-
ysgmq fj<| weu;s fcdkaiagka m%kdkaÿf.a n;a;ruq,a," chjvk.u msysá ksjfia jeisls,s jf,ka" ckm%sh .dhsld iñ;d trkao;S uqÿkafldg...
-
ඉදිරි දින කිහිපය තුළ සුවිශේෂී වෙනස්කමක් සිදුකරන බව ජනාධිපති ම්‍රෛතීපාල සිරිසේන මහතා අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දැනුම් දී තිබේ. පළාත්...
-
දේශපාලනයේ අලුයට ගිනි නැංවෙමින් ඇත. පලාත් පාලන මැතිවරණ ජයග්රහණයෙන් පසු හිස උදුම්මාගත් බැසිල් රාජපක්ෂ ප්රමුඛ බැසිල්ගේ වන්දිභට්ඨයින් විසින...
-
udOHfõ§ ,ika; úl%u;=x. uy;d >d;kh ùug fmr tjlg ysgmq ckm;s uyskao rdcmlaI uy;dg ÿrl:kfhka l;d lr we;s nj Tyqf.a udOH m%ldYl frdydka je...