BREAKING NEWS
latest

728x90

468x60

Saturday, October 14, 2017

තායිවාන් 'බැංකු ගැහිල්ල' නෙදර්ලන්ත 'නූල් සූත්තරයක්‌'

තායිවාන් ෆා ඊස්‌ටන් බැංකුවේ රහස්‍ය දත්තවලට පිටින් මුදල් වංචා කිරීමේ ජාවාරම ක්‍රියාත්මක වී ඇත්තේ නෙදර්ලන්තය හරහා බව අනාවරණය වී ඇත.

මෙම වංචාව ගැන විමර්ශනය කිරීම සඳහා තායිවාන් ඉන්ටර්පෝල් ශාඛාවේ නිලධාරීහු පිරිසක්‌ මෙරටට පැමිණ සිටිති.

හිටපු නිළියකගේ පුත්‍රයකු වූ ශලීල මුණසිංහ සහ හිටපු හමුදා මාණ්‌ඩලික ප්‍රධානියකුගේ පුත්‍රයා වූ නම්මුනි නමැත්තා ද මේ වංචාව ගැන සැකපිට රිමාන්ඩ් භාරයේ පසුවෙති.

මෙම විමර්ශනයේදී හෙළි වී ඇත්තේ එන්. ජී. ඕ. සංවිධානයක්‌ ද ඊට සම්බන්ධ බවය. එම සංවිධානයට තවත් කාන්තාවක්‌ ද සම්බන්ධ බවත් හෙළි වී ඇත.

තායිවාන් මහ බැංකු ප්‍රධානී පැවසුවේ මෙතෙක්‌ වංචා කළ මුදලින් ඩොලර් හය ලක්‍ෂයක්‌ අස්‌ථානගත වී ඇති බවය.

එම මුදල් මෙතෙක්‌ සොයාගෙන නැත.
« PREV
NEXT »