BREAKING NEWS
latest

728x90

468x60

Saturday, October 14, 2017

රවීගේ ගේම් නිසා යහපාලනය දෙදරයි.


ශ්‍රී ලංකාවේ පුරවැසියකු නොවන ශලීල මුණසිංහ හිටපු මුදල් ඇමැති රවි කරුණානායක විසින් ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති ලෙස පත් කිරීම, ඔහු සභාපති තනතුර දරන පක්ෂයක් මැතිවරණ දෙපාර්තමේන්තුව විසින් පිළිගැනීම සහ එම පක්ෂයෙන් පසුගිය ජනාධිපතිවරණයට මෛත්‍රිපාල සිරිසේන මහතා තරග කිරීම තුල නීතිමය වශයෙන් ගැටලු රැසක් නිර්මාණය වී ඇතැයි දේශපාලන නිරීක්ෂකයෝ පෙන්වා දෙති.

ශලීල මුණසිංහ සභාපති පදවිය දරන නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ලියාපදිංචි කිරීමේදී හා පවත්වාගෙන යෑමේදී ඔහු විසින් මැතිවරණ දෙපාර්තමේන්තුවට ලබාදී ඇති තොරතුරු හා ඉදිරිපත් කළ ජාතික හැඳුනුම්පත පිළිබඳ වහාම විමර්ශනය කළ යුතු බවත් මැතිවරණ කොමිසම මේ සම්බන්ධයෙන් නීතිපතිවරයා විමසිය යුතු බවත් ඒකාබද්ධ විපක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රි දිනේෂ් ගුණවර්ධන පැවැසීය.

ඒකාබද්ධ විපක්ෂය මේ පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බවත් ලබන සතියේ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා හමුවී ශ්‍රී ලංකාවේ පුරවැසි භාවයක් නොමැති පුද්ගලයකුට පිළිගත් දේශපාලන පක්ෂයක තනතුරු දැරීමට නොහැකි වන සේ ප්‍රකාශයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටින බවද දිනේෂ් ගුණවර්ධන මහතා පැවැසීය. ශලීල මුණසිංහ, පිළිගත් දේශපාලන පක්ෂයක තනතුරු දැරීම සම්බන්ධයෙන් හා ශ්‍රී ලංකාවේ පුරවැසියකු නොවන පුද්ගලයන් දේශපාලන පක්ෂවල තනතුරු හෙබවීම සම්බන්ධයෙන් නීති විමසුමක් වහාම සිදු කළ යුතු බවත් නීතිපතිවරයාගේ සහාය ඒ සඳහා ලබාගත යුතු බවත් ජාතික මැතිවරණ නිරීක්ෂණ සංවිධානයේ ජාතික සංවිධායක නීතිඥ රසාංග හරිශ්චන්ද්‍ර පවසයි.

කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් පවසන්නේ ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ පිළිගැනීමේ ක්‍රමවේදය වහාම වෙනසක් සිදුකිරීමට පියවර ගත යුතු අතර අදාළ නීතිරීති මැතිවරණ කොමිෂන් සභාව විසින් පැනවිය යුතු බවයි. ශලීල මුණසිංහ පිළිගත් දේශපාලන පක්ෂයක නියෝජිතයකු ලෙස දිගටම පෙනී සිටි බවත් ඔහු මහා මූල්‍ය වංචාවකට අත්අඩංගුවට ගන්නා තෙක් මෙරට පුරවැසිභාවයක් ලබා නොසිටි අයකු ලෙස හෙළි නොවූ බවත් සඳහන් කරන පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මින් ඉදිරියට දේශපාලන පක්ෂ පිළිගැනීමේදී එම පක්ෂවල තනතුරු ධාරීන්ගේ පුරවැසි භාවය විමසුමට ලක් කළ යුතුව ඇතැයි පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකාවේ පුරවැසි භාවයක් නොලබා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ සභාපති තනතුරක් දැරීම සම්බන්ධයෙන් හා ශලීල මුණසිංහ විසින් ඉදිරිපත් කළ ඔහුගේ ජාතික හැඳුනුම්පත හා සෙසු ලියකියැවිලි සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මැතිවරණ කොමිෂන් සභාව මෙම මස 19 වැනිදා බ්‍රහස්පතින්දා රැස්වන බව එම කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පැවැසීය.

(මව්බිම)
« PREV
NEXT »