BREAKING NEWS
latest

728x90

468x60

Friday, October 06, 2017

බැසිල්ගේ ප්‍රකාශයකින් ගෝඨා – බැසිල් විරසකය උග්‍ර වෙයි

ශ්‍රී ලංකා යුද හමුදාවේ ඇතමුන් ‘අපරාධ’ කළ බව පිළිගනිමින් බැසිල් රාජපක්ෂ යාපනයේදී කළ කතාව නිසා ඔහු හා ගෝඨාභය රාජපක්ෂ අතර කලක් තිස්සේ පැවැති ආරවුල වඩාත් උත්සන්න වී ඇති බව ගෝඨාභය රාජපක්ෂට සම්බන්ධ ආරංචි මාර්ග සඳහන් කරනවා.

එකල ආරක්ෂක ලේකම් ලෙස කටයුතු කළ ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කොට ඇත්තේ මෙය සෘජුවම තමන්ට පහරගැසීමක් බවයි. ගෝඨාභය රාජපක්ෂ දිගටම කියා සිටියේ තමන් යටතේ සිටි හමුදාව යුද අපරාධ හෝ අපරාධ සිදු නොකළ බවයි. හමුදාව ක්‍රියා කළේ යුද ගැටුමේදී සාමාන්‍ය ජනයාට කිසිදු හානියක් සිදු නොවන ලෙස නැතහොත් පුරවැසිහානි බිංදුවට තබාගෙන බව එකල රජය ප්‍රකාශ කළ කතාවයි.

බැසිල් රාජපක්ෂගේ ප්‍රකාශය මඟින් එම ස්ථාවරයට සෘජු ලෙසම ප්‍රහාර එල්ල වී තිබෙනවා.

බැසිල් රාජපක්ෂ එබඳු ප්‍රකාශයක් සිදු නොකළ බව පොදුජන පක්ෂය නිවේදනයක් මගින් කියා සිටියද ඔහුගේ ප්‍රකාශය ඇතුළත් හඬ පටයක් නිකුත් වී තිබීමෙන් එම ප්‍රකාශය සිදු කළ බව තහවුරු වී තිබෙනවා.

රාජපක්ෂ පවුලේ සොහොයුරන් වුවද බැසිල් රාජපක්ෂ හා ගෝඨාභය රාජපක්ෂ අතර විරසකයක් කලෙක සිට පවතින බව ප්‍රසිද්ධ කරුණක්. බැසිල් රාජපක්ෂගේ නායකත්වයෙන් ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා පොදුජන පක්ෂයේ වැඩකටයුතු වලට ගෝඨාභය රාජපක්ෂ සහභාගී නොවූ අතර ගෝඨාභය රාජපක්ෂ සංවිධානය කළ ‘වියත් මග’ ට හෝ එය අසාර්ථකවීමෙන් පසුව යළි ආරම්භ කළ ‘එළිය’ වැඩසටහනට හෝ බැසිල් රාජපක්ෂගේ ද සහය ලැබුණේ නෑ.

ගෝඨාභය රාජපක්ෂ අණදුන් හමුදාවේ උදවිය අපරාධ සිදු කොට ඇති බව බැසිල් රාජපක්ෂ ප්‍රකාශ කිරීම සමඟ මෙම පැරණි විරසකය වඩාත් බරපතළ අතට හැරී ඇති බවත් සඳහන්.

« PREV
NEXT »