BREAKING NEWS
latest

728x90

468x60

Thursday, October 19, 2017

බැඳුම්කර කොමිසමේ වාර්තාව අධිකරණයට ගෙන යනවා – ඇමැති මහින්ද අමරවීර

බැඳුම්කර සිද්ධිය පිළිබඳ සොයා බැලීමට පත් කළ කොමිසමේ වාර්තාව අධිකරණයට රැගෙන යන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ‍ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
ඒ මහතා මෙසේ පැවසුවේ ඊයේ (18) කොළඹ පිහිටි ඒ මහතාගේ නිල නිවසේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මුලින්ම අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණිලි කළේ තමන් යැයිද ඒ මහතා එහිදී සඳහන් කළේය.

මත්තල පැවැති උද්ඝෝෂණයට ඇමැතිවරයාගේ නම ඈඳීම සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීම සඳහා මෙම මාධ්‍ය සාකච්ඡාව කැඳවා තිබිණි.

රන්මලී සෝමසිරි
« PREV
NEXT »