BREAKING NEWS
latest

728x90

468x60

Friday, October 27, 2017

කටාර් රජුගෙන් ජනපතිට උණුසුම් පිළිගැනීමක් - ජනපති යළිත් දිවයිනට

කටාර් රාජ්‍යයේ දෙදින සංචාරයක නිරත වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පෙරවරුවේ දිවයිනට පැමිණියේය.

කටාර් රාජ්‍යයේ දෙදින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට ඊයේ (26) පස්වරුවේ කටාර් රජ මාළිගාවේදී උණුසුම් පිළිගැනීමක් හිමිවිය.

රජ මාළිගාව වෙත පැමිණි ජනාධිපතිතුමා කටාර් රජු වන තමීන් බින් අහමඩ් අල් තානි එමීර්වරයා විසින් ඉතා උණුසුම් ලෙස පිළිගනු ලැබීය.

හමුදා උත්තමාචාර පිරිනමින් ඉතා අභිමානවත් අයුරින් මෙම පිළිගැනීම සිදු විය.
නායකයින් අතර සුහද කථා බහකින් අනතුරුව ද්විපාර්ශ්වික සාකච්ඡා ආරම්භ කෙරිණි.
ශ්‍රී ලංකාව සහ කටාර් රාජ්‍ය අතර රාජ්‍ය තාන්ත්‍රීක සබදතා, බලශක්ති, ජල කළමනාකරණ, සෞඛ්‍ය සහ මුල්‍ය ක්ෂේත්‍රවල සහයෝගීතාවය වර්ධනය කෙරෙන නව ගිවිසුම් 07 කට ද මින් අනතුරුව අත්සන් තැබිණි.

දෙරටේ තානාපති නිලධාරින්, රාජ්‍ය නිලධාරින් හා විශේෂිත ගමන් බලපත්‍රලාභීන්ට වීසා රහිතව රටවලට ඇතුළත්වීමට අවස්ථාව සලසා දීම සදහා වූ ගිවිසුමට පළමුව අත්සන් තැබුණි.

කටාර් විදේශ කටයුතු අමාත්‍ය Sheikh Mohamed Bin Abdul Rahaman Al Thani මහතා සහ ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු පිළිබද රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා ඊට අත්සන් තැබීය.

දෙරටේ තානාපති කාර්යාල නිලධාරින් පුහුණුව හා පර්යේෂණ කටයුතු සදහා සහයෝගීතාවය ඇතිකර ගැනීමේ අවබෝධතා ගිවිසුමකට ද අත්සන් තැබිණි.

ඒ සදහා ද අත්සන් තබන ලද්දේ ද කටාර් විදේශ කටයුතු අමාත්‍ය Sheikh Mohamed Bin Abdul Rahaman Al Thani මහතා සහ ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු පිළිබද රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතායි.

ශ්‍රී ලංකාවේ නියගයෙන් පීඩාවට පත්වූ ජනතාවට හදිසි ආධාර පරිත්‍යාග පිරිනැමීම සදහා වූ ගිවිසුමකට ද එම මහත්වරුන් විසින් අත්සන් තබන ලදී.

අපවිත්‍ර ජල කළමනාකරණය පිළිබද දෙරට අතර සහයෝගීතා ගිවිසුමට ශ්‍රී ලංකාව වෙනුවෙන් අමාත්‍ය රවුෆ් හකීම් සහ කටාර්හි මහනගර සහ පරිසර අමාත්‍ය Mohamed Bin Abdullah Al Rumaihi යන මහත්වරුන් අත්සන් තැබූහ.


ශ්‍රී ලංකාව සහ කටාර් රාජ්‍ය අතර බලශක්ති ක්ෂේත්‍රයේ සහයෝගීතාවය සදහා වූ අවබෝධතා ගිවිසුමකට ද අත්සන් තැබිණි.

ඒ සදහා කටාර් රාජ්‍යයේ බලශක්ති හා කර්මාන්ත අමාත්‍ය Mohamed Bin Salih Al Sada මහතා සහ නියෝජ්‍ය අමාත්‍ය අජිත්. පී. පෙරේරා යන මහත්වරුන් අත්සන් තැබූහ.


සෞඛ්‍ය හා වෛද්‍ය සේවා සහයෝගිතාවය සදහා වූ අවබෝධතා ගිවිසුමකට ද අත්සන් තැබුණු අතර අමාත්‍ය රාජිත සේනාරත්න සහ එරට මහජන සෞඛ්‍ය අමාත්‍ය Hanan Binth Mohamed Al Kuwari යන මහත්වරුන් විසින් ඊට අත්සන් තැබූහ.


දෙරට අතර මූල්‍ය කටයුතු පිළිබද පර්යේෂණවල තොරතුරු හුවමාරුගැනීම සදහා කටාර්හි මුල්‍ය තොරතුරු අංශය හා ශ්‍රී ලංකාවේ මූල්‍ය කටයුතු පිළිබද විමර්ශන කාර්යාලය අතර අත්සන් තැබුණු ගිවිසුමට ශ්‍රී ලංකාවේ මූල්‍ය බුද්ධි ඒකකයේ ආචාර්ය එච්.අමරතුංග මහතා සහ කුවේටිහි මුළ්‍ය තොරතුරු ඒකකයේ ප්‍රධානී Sheikh Ahmed Bin Eid Al Thani මහතා අත්සන් තැබූහ.
« PREV
NEXT »