BREAKING NEWS
latest

728x90

468x60

Friday, October 27, 2017

රුවන්පුර, මොරටුව සහ වයඹ නව වෛද්‍ය පීඨ තුනක් ලබන වසරේ රජය විසින් ආරම්භ කරනවා - ලක්ෂ්මන් කිරිඇල්ල

රුවන්පුර, මොරටුව සහ වයඹ නව වෛද්‍ය පීඨ තුනක් ලබන වසරේ රජය විසින් ආරම්භ කරන ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල පවසයි. ඇමතිවරයා මෙම අදහස් පල කලේ කොළඹ විශ්ව විද්‍යාලයේ දේශීය වෛද්‍ය විද්‍යායතනය මග`ින් 05වන වරට සංවිධානය කරන ආයුර්වේද සිද්ධ යුනානි හා පාරම්පරික දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ තෙදින ජාත්‍යන්තර සමු`එවේ සමාරම්භක අවස්ථාවට අද දින(27) එක් වෙමිනි. රාජගිරිය,දේශීය වෛද්‍ය විද්‍යායතනයේදි අද සිට තෙදිනක් පුරා පැවැත්වෙන මෙම ජාත්‍යන්තර සමු`එවෙහි පළමු දිනය ආයුර්වේද වෛද්‍ය ක්‍රම පිළබඳ ජාත්‍යන්තර පර්යේෂණ එළිදැක්විම, දෙවන දිනය දේශීය සිද්ධ යුනානි පර්යේෂණ ඉදිරිපත් කිරිම, තෙවන දිනය ආයුර්වේද පශ්චාත් උපාධිධාරින්ගේ පර්යේෂණ එළිදැක්විමද සිදුකිරිමට නියමිත අතර ආයුර්වේද වෛද්‍ය විෂය සම්බන්ධ රැකියා පොළක් ද අවසන් දිනයේදි පැවැත්වේ. 


එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

රජය නිදහස් අධ්‍යාපනය කඩාකප්පල් කරනවා කියලා විවිධ කටකතා ඇතමුන් පතුරවමින් යනවා. නමුත් මම පැහැදිලිවම කියනවා, අපේ රජය නිදහස් අධ්‍යාපනය නැති කරන්න ඉඩ තියන්නේ නැහැ කියලා. එහෙම කිසිඳූ බලාපොරොත්තුවකුත් නැහැ. මේ රටේ නිදහස් අධ්‍යාපනය ආරම්භ කලේ සී.ඩබ්.ඩබ්.කන්නංගර මැතිතුමාගේ කාලේ. රජය තව තවත් නිදහස් අධ්‍යාපනය වර්ධනය කරනවා මිස, කිසිම දවසක නිදහස් අධ්‍යාපනය දියාරු කරන්න හෝ විනාශ කරන්න කටයුතු කරන්නේ නැහැ. රුවන්පුර, මොරටුව සහ වයඹ නව වෛද්‍ය පීඨ තුනක් ලබන වසරේ රජය විසින් ආරම්භ කරනවා. නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කරන ගමන් පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතනවල ප්‍රමිතිය ආරක්ෂා කරමින් ඉදිරියට ගෙන යන්න අපි බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම මම කියන්න කැමතියි මහා බි්‍රතාන්‍යයේ විශ්ව විද්‍යාලයකට ශිෂ්‍යයෙක් ඇතුලත් වී විශ්ව විද්‍යාලයෙන් පිටවෙන විට පවුම් 50,000ක් වැයවෙනවා. බි්‍රතාන්‍ය රජය එම මුදල් ශිෂ්‍යයාට ලබා දෙනවා. නමුත් විශ්ව විද්‍යාලයෙන් පිටවුනාම එA හැම සතයක්ම ආපහු ගෙවන්න ඕනේ. ලෝකයේ කිසිම දියුණු රටක නිදහස් අධ්‍යාපනය නැහැ. එA නිසා මොන ආර්ථීක අපහසුකම් තිබුණත් අපේ රටේ නිදහස් අධ්‍යාපනය අපි ආරක්ෂා කරනවා. අපේ රටේ ශිෂ්‍යයෝ නිදහස් අධ්‍යාපනයේ වටිනාකම දැනගන්න ඕනේ. නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කරන්න ශිෂ්‍යයන්ගේත් යම් දායකත්වයක් ලැඛෙන්න ඕනේ. එA වගේම විශ්ව විද්‍යාලවල ප්‍රමිතිය ආරක්ෂා කරන්න අළුත් පනතක් ඉදිරියේදී පාර්ලිමේන්තුවට ගේනවා. රාජ්‍ය විශ්ව විද්‍යාලවල පමණක් නෙවෙයි, පෞද්ගලික විශ්ව විද්‍යාලවලත් ප්‍රමිතිය ඉදිරියේදී ගෙන එන පනත මඟින් ආරක්ෂා කරනවා. යනුවෙනි

සමු`එවේ සමාරම්භක අවස්ථාවට ශි්‍ර ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් තරංජිත් සින්ග් සන්ධු මහතා, ආයුර්වේද විෂය සම්බන්ධ ආචාර්්‍ය මහාචාර්්‍යවරු ඇතු`එව ආයුර්වේද පශ්චාත් උපාධි හදාරන විදේශීය සිසුන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.


« PREV
NEXT »