BREAKING NEWS
latest

728x90

468x60

Tuesday, October 31, 2017

ත්‍රි’මලේ වරාය ඉන්දියාවට දෙන්නේ නෑ – අගමැති කියයි

ත්‍රිකුණාමල වරාය ඉන්දියාවට ලබාදීමට අවශ්‍ය නැති බවත් ඕනෑම කෙනෙකුට ඇවිත් වරායේ කොටස්‌ සංවර්ධනය කළ හැකි බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

අගමැතිවරයා මේ බැව පැවසූවේ ඊයේ (30 දා) සිරිකොතේදී පැවැති එජාපය ප්‍රමුඛ ජාතික ආණ්‌ඩුව පසුගිය වසර දෙකක කාලය තුළ ළඟා කර ගත් සුවිශේෂී ජයග්‍රහණ ඇතුළත් ‘ප්‍රගතියෙන් බිඳක්‌’ වාර්තාව එළිදැක්‌වීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.

ත්‍රිකුණාමල වරායේ ටර්මිනල්, ජැටි, තෙල් ටැංකි සංවර්ධනය පිළිබඳව කතා කර ඇති බවත් ඉන්දියාව සමඟ එකඟත්වයකට පැමිණ ඇත්තේ එහි ඇති තෙල් ටැංකි සම්බන්ධව පමණක්‌ බවත් අගමැතිවරයා මෙහිදී සඳහන් කළේය.

ඉන්දීය සමාගම් පමණක්‌ නොව තවත් සමාගම්වලට පැමිණ තෙල් ටැංකි ඉදිකිරීමට හැකියාව ඇතැයිද අගමැතිවරයා වැඩිදුරටත් කීවේය.
« PREV
NEXT »