Tuesday, October 31, 2017
Home
Gossip Lanka News
ඒකාබද්ධ විපක්ෂයට තවත් ජයක්
ඒකාබද්ධ විපක්ෂයට තවත් ජයක්
-
Tuesday, October 31, 2017
මාරවිල දිසා අධිකරණයේ වාරණ නියෝගයකින් අත්හිටුවා තිබූ අංක 44 මාරවිල සමුපකාර ප්‍රාදේශිකයේ නිලවරණය එම අධිකරණයේම නියෝගයක් මත ඉකුත් 28 දා පැවති අවස්‌ථාවේදී ඒකාබද්ධ විපක්‍ෂ කණ්‌ඩායමේ නායකත්වය දැරූ සිසිල් වික්‍රමසිංහ මහතාට වඩා වැඩි ඡන්ද ප්‍රමාණයක් ස්‌වාධීනව ඉදිරිපත්වූ එකම අපේක්‍ෂකයා වන ශාන්ත මහීපාල මහතාට හිමිවී තිබේ.
ඒකාබද්ධ විපක්‍ෂ කණ්‌ඩායමට මෙම ප්‍රාදේශිකයේ බලය හිමිවූ අතර ඔවුන් නවදෙනාම ඡන්ද 152 ක් ලබා ගත්හ. තනි ස්‌වාධීන අපේක්‍ෂකයා පමණක් ඡන්ද 60 ක් ලබා ගැනීම විශේෂ සිද්ධියක් ලෙස සඳහන් කළ හැකිය.
ඒකාබද්ධ විපක්‍ෂ කණ්‌ඩායම නොහොත් මහින්ද රාජපක්‍ෂ කණ්‌ඩායමේ නායකත්වය දැරූ සිසිල් වික්‍රමසිංහ මහතා නාත්තන්ඩිය ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයකුසේම එම පක්‍ෂ කණ්‌ඩායම් අපේක්‍ෂකයාද වන අතර ස්‌වාධීනව ඉදිරිපත්වූ ශාන්ත මහීපාල මහතා නාත්තන්ඩිය නව විවිධ සේවා සමුපකාර සමිතියේ හිටපු සභාපතිවරයෙකි.
