BREAKING NEWS
latest

728x90

468x60

Wednesday, October 25, 2017

මෙවර මංගල කරන්න යන වැඩේ නිසා අයවැයේදී කනපිට හැරවෙයි ද?

මෙවර අයවැය තුලින් විදිමත් ආර්ථික ප්‍රතිපත්ති රාමුවක් හඳුන්වාදීමට මුදල් අමාත්‍යවරයා කටයුතු කරමින් සිටින බවත්, එහිදී සමස්ත ශ්‍රී ලාංකීයින් සඳහා වූ සමාජ ආරක්ෂණ වළල්ලක් (social safety net) ක්‍රියාවට නැංවීමට මුලික අවධානය යොමුව ඇති බවත් මුදල් හා මාධ්‍ය අමාත්‍යංශයේ ඉහල නිලධාරියකු පැවසිය.

ඉදිරි අයවැය සම්බන්ධයෙන් කල විමසීමකදී එම නිලධාරියා එබව සඳහන් කළේය.

ශ්‍රී ලංකාව ව්‍යවසායකයින්ගේ පාරාදීසයක් කිරීමට අදාළ දිරිගැන්වීම රජය මෙවර අයවැයෙන් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තුවන බව පැවසු එම නිලධාරියා, එහිදී රජය ව්‍යවසායකයින් වෙනුවෙන් ඉඩම්, මුල්‍ය අනුග්‍රහය, දැනුමලබාදෙමින් ව්‍යවසායකයින් අඛණ්ඩව රැකබලා ගැනීම සඳහා විශේෂ අවධානයක් යොමුකර ඇතැයි ද කියා සිටියේය.

පරිසර හිතකාමී ව්‍යපෘති :

පෞද්ගලික අංශය විසින් විදුලිය, ජල සංරක්ෂණය, කෘෂිකාර්මික ආදී ක්ෂේත්‍රයන් හි සිදුකරන පරිසර හිතකාමී ආයෝජන සඳහා ද මෙවර අයවැයෙන් විශාල දිරිගැන්වීමක් යෝජනා කිරීමට රජය බලාපොරොත්තු වේ.

ආයෝජන දිරිගැන්වීම සඳහා විනිවිද භාවය තහවුරු කිරීමට අදාළ යෝජනා කිහිපයක් ද මෙවර අයවැයේදී ඉදිරිපත් කිරීමට නියමිත අතර, නව බදු පනත එහි පළමු පියවර වේ.

නාස්තිය හා දුෂණය පාලනයට නව තාක්ෂණය :

නාස්තිය හා දුෂණය පාලනය කිරීම සඳහා නව තාක්ෂනය යොදා ගැනීමට බලාපොරොත්තුවන රජය ඒ සඳහා වූ ආයෝජනයන් දිරිගැන්වීමට ද බලාපොරොත්තු වේ.

ඒ අනුව ශ්‍රී ලංකා රේගුව, දේශීය අදායම් දෙපාර්තමේන්තුවේ හා සුරාබදු දෙපාර්තමේන්තුවේ වංචා හා දුෂණ අවම කරලීම රජයේ අපේක්ෂාව වේ.

එසේම මෙවර අයවැයේදී කාන්තාවන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමටද මුදල් අමාත්‍යවරයාගේ විශේෂ අවධානය යොමුව ඇති බව අප වෙත තොරතුරු ලබාදුන් නිලධාරියා වැඩිදුරටත් පැවසිය.
« PREV
NEXT »