BREAKING NEWS
latest

728x90

468x60

Wednesday, October 25, 2017

නව ව්‍යවස්ථාවෙන් රට බෙදන්නේ නෑ - මුද්‍රිත මාධ්‍ය රට ගිනි තියනවා – අගමැති කියයි

නව ව්‍යවස්ථාවෙන් රට ගිනි තබන්නේවත්, බෙදන්නේවත් නැති බවත් නමුත් සමහර මුද්‍රිත මාධ්‍ය ජනතාවට වැරදි චිත‍්‍රයක් මවා ඔවුන් අවුස්සන බවත් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පැවසීය.


අගමැතිවරයා මේ බව පැවසුවේ වව්නියාවේ පැවති ජනපති ජනතා සේවා නිල මෙහෙවර වැඩසටහනේ සමාරම්භක උත්සවය අමතමිනි.


එහිදි අදහස් දැක්වු අගමැතිවරයා මෙසේද පැවසීය.
වැරැුදි අදහස් හා මත දැරීමකින් තොරව මේ යෝජිත ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව වෙනුවෙන් සියලූම දෙනාගේ සහයෝගය හිමිවනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා. ඊයේ නුවර පැවැති වැඩසටහනකදී මම එහි නායක ස්වාමීන්වහන්සේ සමගත් සාකච්ඡුා කළා. පාර්ලිමේන්තු විවාදයෙන් පසුව සංඝයා වහන්සේගේ අදහස් ප‍්‍රකාශ කිරීමටත් අප එහිදී සාකච්ඡුා කළා.

මෙවැනි සාධාරණ පසුබිමක් තිබියදී රටේ මුද්‍රිත මාධ්‍ය ජනතාව අවුස්සන්නේ ඇයි දැයි කියා මා පුදුමයට පත්වෙනවා. ව්‍යවස්ථාව හරහා රට බෙදීමට යනවා යැයි ඔවුන් අපට චෝදනා කරනවා. මේ රටේ සියලූ ආගම්වල අන්තවාදී කොටස් කිහිපයක්ද සිටිනවා. ඔවුන්ගේ ක‍්‍රියා කලාපයන් අපට නැවැත්විය නොහැකියි. මධ්‍යස්ථව සිටින අප කටයුතු කළ යුත්තේ මෙම ගැටලූව පිළිබඳව සාකච්ඡුා කර විසඳුමකට එළඹීමටයි. නමුත් රටේ සිංහල මුද්‍රිත මාධ්‍යයේ යුතුකම ඒ සඳහා සහයෝගය ලබාදීම ද? අන්තවාදයට සහයෝගය ලබාදීමද?
« PREV
NEXT »