BREAKING NEWS
latest

728x90

468x60

Wednesday, October 25, 2017

කමල් ගුණරත්නගේ මිනීමරු කතාවෙන් ඒකාබද්ධයත් අවුලක.

ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ 'වියත් මග‘ නමැති සංවිධානයේ ප්‍රධානියකු වන විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා විසින් කල බරපතල ප්‍රකාශය සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසකගේ ද විරෝධය එල්ල වී ඇත.


නව ව්‍යවස්ථාව විසින් රට බෙදන බවත් ඊට සහාය දක්වන්නන් දේශද්‍රෝහීන් බවත් ඒ දේශද්‍රෝහීන්ට මරණය ලබා දිය යුතු බවටත් කමල් ගුණරත්න මහතා කළ ප්‍රකාශයට ඒකාබද්ධය නියෝජනය කරන සමාජවාදී ජනතා පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්‌කාර මහතා ප්‍රසිද්ධියේම විරෝධය පළකර ඇතයි පැවසේ.

13 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය සහිත ඒකීය රාජ්‍යයක්‌ යටතේ බලය බෙදීමට සමාජවාදී ජනතා පෙරමුණ සම්පූර්ණ පක්‍ෂපාතීත්වය දක්‌වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්‌කාර මහතා පසුගියදා පැවසිය.

ගෝඨාගේ ‘වියත් මඟ‘ ත්‍රස්තවාදී මගට:

වියත් මග විසින් පසුගිය 21 වෙනිදා ගම්පහදී පැවැති රැස්වීමකදී විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න එම ප්‍රකාශය කරනු ලැබුවේ, ගෝඨාභය රාජපක්ෂ මහතා ද ඉදිරියේ සිටිය දිය.

88-89 කාලයේ ත්‍රස්තවාදීන් විසින් ‘දේශද්‍රෝහීන්ට මරණය‘ කියා ලියා තිබුනා සේ මේ දේශද්‍රෝහීන්ට ද මරනය ලබා දිය යුතු යැයි පවසන කමල් ගුණරත්න ඉන් නොනැවතී 88-89 කාලයේ දී එසේ මරා දැමූ අයගේ මිනිය දනහිසෙන් පහලට එල්ලාගෙන කනත්තට රැගෙන ගියා සේ අගෞරව කළ යුතු බවද පැවසීය.

කතාවේ මුල් කොටසේ දී එදා හමුදාව ජනතාවට බොරු කී බවද කමල් ගුණරත්න පාපෝච්ඡාරණය කළේය.

යුද්දයේ දී මිය ගිය හමුදාවේ අය ගැන හමුදා ප්‍රකාශයක බොරු කී බවත් නිවැරදි ගණන දැන ගෙන සිටියේ මල්ශාලා හිමියන් බවත් ප්‍රකාශ කරන කමල් ගුණරත්න ‘අපි ඔබට කොපමණ බොරු කීවාදැයි‘ පැවසීය.

කමල් ගුණරත්නගේ කතාවේ අදාල කොටස් පහත වීඩියෝවේ දැක්වේ .
« PREV
NEXT »