BREAKING NEWS
latest

728x90

468x60

Monday, October 16, 2017

මහ නාහිමිවරුන්ගේ ලිපියට ආණ්ඩුවෙන් පිළිතුරක්

සයිටම් ගැටලුව සම්බන්ධයෙන් ඕනෑම පාර්ශ්වයක් සමග ඕනෑම මොහොතක සාකච්ඡා කිරීමට සූදානම් බව උසස් අධ්‍යාපන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

මේ වනවිට සයිටම් ගැටලුව අධිකරණ ක්‍රියාමාර්ගයක් දක්වා ගොස් ඇති බැවින් අවසන් තීරණය ඇත්තේ අධිකරණය සතුව බව ඔහු කියාසිටියේ ය.
සයිටම් ගැටලුව මුල් කරගනිමින් ත්‍රෛනිකායික මහනායක හිමිවරුන් විසින් ජනාධිපතිවරයා සහ අගමැතිවරයාට යොමුකළ විශේෂ ලිපිය පිළිබඳ කළ විමසීමකදී අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

සයිටම් ආයතනය මුල් කරගෙන පැන නැගි ඇති අර්බුදය විසඳීමට ප්‍රමාද වීම රටට හිතකර නොවන බව ත්‍රෛනිකායික මහනායක හිමිවරුන් යොමුකළ ලිපියේ සඳහන් විය.

මෙම ගැටලූව තවදුරටත් වර්ධනය වීමට ඉඩ නොතබා අදාළ පාර්ශ්ව සියල්ලටම එකඟ විය හැකි විසඳුමක් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන ලෙසට ද අදාළ ලිපියේ තවදුරටත් සඳහන්ව තිබිණ.
« PREV
NEXT »