BREAKING NEWS
latest

728x90

468x60

Monday, October 16, 2017

G24 සභාපතිත්වය ශ්‍රී ලංකාවට

ජාත්‍යන්තර මූල්‍ය කටයුතු හා සංවර්ධනය පිළිබඳ රටවල් 24 කණ්ඩායමේ (ජී 24) සභාපතිත්වය ශ්‍රී ලංකාවට හිමිව තිබේ.

ලබන වසර සදහා මෙම සභාපතිත්වය ශ්‍රී ලංකාවට හිමිවුයේ වසර 18 කට පසුව වීම විශේෂත්වයකි.

මේ දිනවල අමෙරිකාව නිල සංචාරයක නිරත වන මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පසුගියදා (14) දිනයේ ශ්‍රී ලංකාව වෙනුවෙන් මෙම සභපතිත්වය නිල වශයෙන් බාරගෙන ඇති බව වාර්තා වේ.


ලබන වසරේ ජී 24 කන්ඩායමේ තේමාව වී ඇත්තේ වර්ධනය, කියා සහ ප්‍රතිසංස්කරණ යන්නයි.

මුදල් අමාත්‍ය මංගල සමරවීමර මහතා මේ දිනවල අමෙරිකාවේ නිල සංචාරයක නිරත වන්නේ ලෝක බැංකුවේ සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වාර්ෂික සැසිවාරවලට සහභාගිවීම සදහාය.
« PREV
NEXT »