Tuesday, October 10, 2017
Home
Gossip Lanka News
ඉල්ලීම් නැත්නම් ව්‍යවස්ථාවට සහාය දෙන්නේ නැහැ – TNA කියයි
ඉල්ලීම් නැත්නම් ව්‍යවස්ථාවට සහාය දෙන්නේ නැහැ – TNA කියයි
-
Tuesday, October 10, 2017
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහාය පළකරන්නේ උතුරු නැගෙනහිර පළාත් ඒකාබද්ධ කිරීම ඇතුළු ඉල්ලීම් ත්‍රිත්වයක් ඊට ඇතුළත්ව ඇත්නම් පමණක් යැයි දෙමළ ජාතික සන්ධානය පවසයි.
උතුරු නැගෙනහිර ඒකාබද්ධ කිරීම,මධ්‍යම රජයට යළි පවරාගත නොහැකි වන ආකාරයට පළාත් සභාවෙත පූර්ණ ලෙස බලතල විමධ්‍යගත කිරීම, මුදල් බලතල පළාත් සභාවෙත ලබාදීම යන ඉල්ලීම් ත්‍රිත්වය ව්‍යවස්ථාව වෙත අනිවාර්යෙන්ම ඇතුළත් වීම එම ඉල්ලීම් වේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙත ඉදිරිපත් කර ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩල මෙහෙයුම් කමිටු වාර්තාව පිළිබද මාධ්‍යට අදහස් දක්වමින් සුමන්තිරන් මහතා මේ බව කියා සිටියේය.
දෙමළ ජාතික සන්ධානය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුව වෙත ලබාදී ඇති යෝජනා සහ ඉල්ලීම් නොපිළිගනිමින් ව්‍යවස්ථාවක් ගෙන එන්නේ නම් ඊට කිසි විටක සහාය නොවන බවද ඔහු කීය.
