Wednesday, November 15, 2017
Home
Gossip Lanka News
බිලියන 02 යි මිලියන 400 ක පාඩුව ලබාදෙන්නැයි ඇවන්ගාඩ් නඩු මඟට
බිලියන 02 යි මිලියන 400 ක පාඩුව ලබාදෙන්නැයි ඇවන්ගාඩ් නඩු මඟට
-
Wednesday, November 15, 2017
නිත්‍යානුකූල ආකාරයෙන් ගිවිසුම් අත්සන් කර මුහුදු ආරක්‍ෂක සේවා සිදුකළ සිය සමාගමට අයත් නෞකාව නාවික හමුදාව විසින් බලහත්කාරයෙන් අත්පත්කර ගැනීම නිසා සිදු වූ රුපියල් බිලියන දෙකයි මිලියන හාරසියයක අලාභය ආරක්‍ෂක හමුදා මාණ්‌ඩලික ප්‍රධානි අද්මිරාල් සී. සී. විඡේගුණරත්න මහතා ඇතුළු වගඋත්තරකරුවන්ගෙන් අයකර ගැනීමට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඇවන්ගාඩ් මැරිටයිම් සර්විසස් සමාගම කොළඹ දිසා අධිකරණය හමුවේ නඩු පවරනු ලැබීය.
එකී නෞකාව ගාලු වරායේ ජැටියේ නවතා තිබියදී 2015.11.13 වැනිදා නාවික හමුදා මූලස්‌ථානයෙන් ලද නියෝගයක් අනුව බව පවසා නාවික හමුදා නිලධාරීන් කණ්‌ඩායක් විසින් ගිනි අවි පතරොම් හා අනෙකුත් උපකරණ සමඟම නීති විරෝධී අන්දමින් හා රටේ පවත්නා නීතියට අනුකූල නොවන ආකාරයෙන් පවරා ගැනීම නිසා එවැනි අලාභයක් සිදුවී ඇති බව නීතිඥ සනත් විඡේවර්ධන මහතා මගින් ගොනු කර තිබූ එම නඩුව මගින් පෙන්වා දී තිබිණි.
එබැවින් සිය නඩුව විභාගයට ගෙන ආරක්‍ෂක මාණ්‌ඩලික ප්‍රධානි අද්මිරාල් සී. සී. විඡේගුණරත්න , අද්මිරාල් ටී. ඡේ. එල්. සින්නයියා, නාවික හමුදාපති වයිස් අද්මිරාල් එස්. එස්. රණසිංහ යන වගඋත්තරකරුවන්ගෙන් අයකර දෙන ලෙස ද පෙත්සම්කාර සමාගම අධිකරණයෙන් ඉල්ලා තිබිණි.
එකී අලාභය ගෙවන ලෙස සිය සමාගම විසින් 2017 සැප්තැම්බර් 29 වැනිදා එන්තරවාසියක් මගින් වගඋත්තරකරුවන්ට දැනුම් දුන් නමුත් මේ දක්‌වා පිළිතුරක් හෝ නොලැබුණ බව ද පෙත්සම්කාර සමාගම වැඩිදුරටත් අධිකරණයට පෙන්වා දී තිබිණි.
Most Reading
-
කාන්තාවකට අයුතු අවහිරයක් සිදුකර කර සාපරාධී බලහත්කාරකමක් කිරිමට අදාළව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතාගේ බිරිඳ සහ දියණිය වහා...
-
ysgmq fj<| weu;s fcdkaiagka m%kdkaÿf.a n;a;ruq,a," chjvk.u msysá ksjfia jeisls,s jf,ka" ckm%sh .dhsld iñ;d trkao;S uqÿkafldg...
-
ඉදිරි දින කිහිපය තුළ සුවිශේෂී වෙනස්කමක් සිදුකරන බව ජනාධිපති ම්‍රෛතීපාල සිරිසේන මහතා අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දැනුම් දී තිබේ. පළාත්...
-
දේශපාලනයේ අලුයට ගිනි නැංවෙමින් ඇත. පලාත් පාලන මැතිවරණ ජයග්රහණයෙන් පසු හිස උදුම්මාගත් බැසිල් රාජපක්ෂ ප්රමුඛ බැසිල්ගේ වන්දිභට්ඨයින් විසින...
-
udOHfõ§ ,ika; úl%u;=x. uy;d >d;kh ùug fmr tjlg ysgmq ckm;s uyskao rdcmlaI uy;dg ÿrl:kfhka l;d lr we;s nj Tyqf.a udOH m%ldYl frdydka je...