BREAKING NEWS
latest

728x90

468x60

Wednesday, November 15, 2017

දුමින්ද කුලියට ගත් ගොඩනැඟිල්ලට ජවිපෙ 'අත තියයි

කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහා සබීතා පෙරේරා මහත්මියගේ ගොඩනැඟිල්ලට ගෙවන මාස දෙකක කුලිය රටේ විශාලතම බෞද්ධ පුස්‌තකාලයක්‌ සෑදීමට මෙවර අයවැයෙන් වෙන්කළ මුදලට සමාන බව ජවිපෙ මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්‌ස මහතා ඊයේ (14 දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

කුලී ගෙව්වද මෙතෙක්‌ කාර්යාල කටයුතු පවත්වාගෙන නොයන රාජගිරියේ පිහිටි මෙම ගොඩනැඟිල්ලට දවස්‌ දොළහකට ගෙවන කුලිය කලාකරුවන්ට රක්‌ෂණ ආවරණයක්‌ ලබාදීමට වෙන්කළ මුදලට සමාන බව ද මන්ත්‍රීවරයා කීවේය.

තවද පොළොන්නරුවේ මාතෘ හා ළමා ඒකකයක්‌ සෑදීමට අයවැයෙන් වෙන්කළ මුදල කෘෂිකර්ම අමාත්‍යාංශ ගොඩනැඟිල්ල සඳහා ගෙවන මාස දෙකක කුලියට සමාන බව ද ජයතිස්‌ස මහතා ප්‍රකාශ කළේය.

කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහා කුලියට ගෙන එහෙත් වසාදමා ඇති රාජගිරියේ ගොඩනැඟිල්ලට 2016 සිට මසකට රුපියල් ලක්‌ෂ 247 බැගින් කුලී ගෙවා ඇතැයි ද එහි මාස තුනක විදුලි බිල පමණක්‌ රුපියල් ලක්‌ෂ 49 ක්‌ වන බව ද ජවිපෙ මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්‌ස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (14) ප්‍රකාශ කළේය.

සබීතා පෙරේරා මහත්මියගේ සැමියාට අයත් බව කියන මෙම ගොඩනැඟිල්ලට ගෙවන කුලිය සමග මෙවර අයවැයේ යෝජනා කිහිපයක්‌ මන්ත්‍රී ජයතිස්‌ස මහතා විසින් සංසන්දනය කරන ලදී.

ඒ අනුව අයවැයේ යෝජනා කර ඇති ඝන අපද්‍රව්‍ය ගැටලුව විසඳීම සඳහා වෙන්කර ඇති මුදල කෘෂිකර්ම අමාත්‍යාංශ ගොඩනැඟිල්ලට ගෙවන මාස දෙකක කුලිය හා සමාන බව කීවේය.

කාන්තා ව්‍යවසායකයන්ට සහනාධාර ලබාදීම, කුරුඳු, ගම්මිරිස්‌ පැළ තවාන් දහසකට වෙන් කළ මුදල, කුරුඳු කර්මාන්ත විදුහලක්‌ සඳහා වෙන්කළ මුදල මෙම වෙන් වෙන්ව ගත් කල මෙම කෘෂිකර්ම ගොඩනැඟිල්ලට ගෙවන මාස දෙකක මුදල හා සමාන බව ද ජයතිස්‌ස මහතා පැවසුවේය.

තේ, රබර් සහ පොල් සඳහා වෙන්කළ මුදල එම ගොඩනැඟිල්ලේ අවුරුද්දක කුලිය හා සමාන බව ද විද්‍යාලයීය ශිෂ්‍යයන්ගේ මාසික දීමනාව සඳහා සහ කරාපිටිය රෝහලේ මහාචාර්ය ඒකකය සෑදීමට වෙන්කළ මුදල වෙන් වෙන්ව ගත් විට මෙම හිස්‌ ගොඩනැඟිල්ලට ගෙවන මාස දෙකක කුලිය හා සමාන බව ද මන්ත්‍රීවරයා කීවේය.

මහපොළ ශිෂ්‍යත්ව ලබන සිසුන් සංඛ්‍යාව වැඩිකිරීමට වසරකට වෙන්කළ මුදල මෙම ගොඩනැඟිල්ලට ගෙවන මාස තුනක කුලිය හා සමාන බව ද විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් රක්‌ෂණය කිරීමට වෙන්කළ මුදල කෘෂිකර්ම අමාත්‍යාංශ ගොඩනැඟිල්ලේ මාස හතරක කුලිය හා සමාන බව ද මන්ත්‍රීවරයා කීවේය.

දෙනියාය ප්‍රාදේශීය රෝහල පුළුල් කිරීම සඳහා අයවැයෙන් වෙන්කළ මුදල මෙම ගොඩනැඟිල්ලේ මාසයක කුලිය හා සමාන බව ද ජයතිස්‌ස මහතා ප්‍රකාශ කළේය.



« PREV
NEXT »