Friday, November 17, 2017
Home
Gossip Lanka News
රවීගේ සිය පවුලම සහ කෝප් කමිටුවේ 05ක් ඇලෝසියස් සමග සාකච්ඡා කරලලු
රවීගේ සිය පවුලම සහ කෝප් කමිටුවේ 05ක් ඇලෝසියස් සමග සාකච්ඡා කරලලු
-
Friday, November 17, 2017
මහ බැංකුවේ බැඳුම්කර සිද්ධිය සිදුවන සමයේ මුදල් ඇමතිව සිටි රවී කරුණානායක මහතා අර්ජුන් ඇලෝසියස් සමග 2015 පෙබරවාරි 01 සිට 2017 ජුනි 01 දක්වා කාලය තුළ අවස්ථා 87කදීත් දුරකථන සංවාදයේ යෙදී ඇති බව එම ගනුදෙනුව සම්බන්ධයෙන් විමර්ෂණය කිරීම සඳහා පත් කළ ජනාධිපති කොමිසමේදී ඊයේ (16) අනාවරණය වී තිබේ.
ඒ එම ගනුදෙනු සම්බන්ධ පරීක්ෂණ සඳහා සහාය වීමට පත් කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තාක්ෂණික ආධාර ඒකකයේ නිලධාරීන් විසින් අද දින බැඳුම්කර කොමිසම වෙත ලබාදුන් සාක්ෂිවලින් සහ වාර්තා මගින් අදාළ කරුණු හෙළි දරුව් වී ඇත.
එම කරුණු අනුව හිටපු මුදල් අමාත්‍යවරයාගේ බිරිඳ සහ දියණියන් දෙදෙනාද මෙම පර්පෙචුල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු මෙන්ම අදාළ බැඳුම්කර ගනුදෙනුවේ ප්‍රධාන හවුල්කරුවෙකු වන අර්ජුන් ඇලෝසියස් සමග අවස්ථා ගණනාවකදී දුරකථන ඇමතුම් ලබාදී ඇති බව අනාවරණය වී තිබේ.
ඒ අනුව රවී කරුණානායක මහතාගේ බිරිද මෙලා කරුණානායක මහත්මිය 2015 පෙබරවාරි 01 සිට 2017 ජුනි 01 දක්වා කාලය තුළ අවස්ථා 320ක් අර්ජුන් ඇලෝසියස් සමග දුරකථන සංවාදයේ යෙදී ඇති බව හෙළිදරව් වී ඇත.
එමෙන්ම රවී කරුනානායක මහතාගේ දියණියන් දෙදෙනාගෙන් ඔනෙලා කරුණානායක අවස්ථා 18කදීත් ශෙනෙලා කරුණානායක අවස්ථා 05කදීත් අර්ජුන් ඇලෝසියස් සමග දුරකථන සංවාදයේ යෙදී ඇති බව හෙළිදරව් වී තිබේ.
රවී කරුණානායක මහතා, බිරිඳ හා දියණියන්ගේ පදිංචිය සඳහා අතිසුඛෝපභෝගී මන්දිරය මිලදීගෙන ලබාදී තිබුනේද අර්ජුන් ඇලෝසියස් විසින් යැයි පසුගිය කාලයේදී බැඳුම්කර කොමිසමේදී අනාවරණය වූ අතර ඉන් පසු රවී කරුණානායක මහතා සිය ඇමති ධුරයෙන්ද ඉල්ලා අස්වීමට සිදු විය.
කෝප් කමිටුවේ 05ක් ඇලෝසියස් සමග දුරකථනයෙන් සාකච්ඡා කරලා
අර්ජුන් මහේන්ද්‍රන් මහතා මහ බැංකුවේ අධිපතිව සිටි සමයේ සිදු වූ භාණ්ඩාගාර බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෙදෙනෙකු අද දින බැඳුම්කර කොමිසම හමුවට කැඳවා සිදුකළ සාක්ෂි විමසීමේදී මේ බව අනාවරණය වී ඇත.
ඊට අදාළ දුරකථන සංවාද ලේඛණයක් ඇතුළත් විශ්ලේෂණ වාර්තාවක් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොමිසම හමුවට ඉදිරිපත් කර තිබේ.
මෙම පුද්ගලයින් අතර සුජීව සේනසිංහ, දයාසිරි ජයසේකර, අජිත් පී පෙරේරා, හර්ෂණ රාජකරුණා, හෙක්ටර් අප්පුහාමි යන අය දුරකථන සංවාද පවත්වා ඇති බව අනාවරණය වී ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හෙළි කරළ තොරතුරු අනුව අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා 2වතාවක්, රාජ්‍ය ඇමැති සුජීව සේනසිංහ මහතා 62වතාවක්, නියෝජ්‍ය අමාත්‍ය අජිත් පෙරේරා මහතා 2වතාවක්, පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා 23වතාවක් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා 23වතාවක් එසේ පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමගමේ හිමිකාරිත්වය දරණ අර්ජුන් ඇලෝසියස් සමග දුරකථන සංවාද සිදුකර ඇත බව අනාවරණය වී තිබේ.
Most Reading
-
කාන්තාවකට අයුතු අවහිරයක් සිදුකර කර සාපරාධී බලහත්කාරකමක් කිරිමට අදාළව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතාගේ බිරිඳ සහ දියණිය වහා...
-
ysgmq fj<| weu;s fcdkaiagka m%kdkaÿf.a n;a;ruq,a," chjvk.u msysá ksjfia jeisls,s jf,ka" ckm%sh .dhsld iñ;d trkao;S uqÿkafldg...
-
ඉදිරි දින කිහිපය තුළ සුවිශේෂී වෙනස්කමක් සිදුකරන බව ජනාධිපති ම්‍රෛතීපාල සිරිසේන මහතා අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දැනුම් දී තිබේ. පළාත්...
-
දේශපාලනයේ අලුයට ගිනි නැංවෙමින් ඇත. පලාත් පාලන මැතිවරණ ජයග්රහණයෙන් පසු හිස උදුම්මාගත් බැසිල් රාජපක්ෂ ප්රමුඛ බැසිල්ගේ වන්දිභට්ඨයින් විසින...
-
udOHfõ§ ,ika; úl%u;=x. uy;d >d;kh ùug fmr tjlg ysgmq ckm;s uyskao rdcmlaI uy;dg ÿrl:kfhka l;d lr we;s nj Tyqf.a udOH m%ldYl frdydka je...