Friday, November 17, 2017
Home
Gossip Lanka News
ආර්ථික අර්බුදයෙන් ගොඩයන හැටි අනුර කියයි
ආර්ථික අර්බුදයෙන් ගොඩයන හැටි අනුර කියයි
-
Friday, November 17, 2017
රට මුහුණදී සිටින ආර්ථික අර්බුදයෙන් ගොඩයෑමට නම් නව ආර්ථික උපයෝගී මාර්ගයක් අනුගමනය කළ යුතු බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.
මෙවර අයවැය ලේඛනය තුළින් එවැනි උපායමාර්ග අනුගමනය කර නොමැති බවත්, ආර්ථිකය ලිහිල් කිරීම එයට පිළිතුරක් නොවන බවත් දිසානායක මහතා පැවසීය.
අයවැය දෙවැනිවර කියවීමේ අවස්ථාවට ඊයේ (16දා) පාර්ලිමේන්තුවේදී සහභාගි වෙමින් මන්ත්‍රීවරයා මේ බව කීවේය.
වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා,
"2018 විදෙස් ණය ඩොලර් මිලියන 2132ක් ගෙවන්න තිබෙනවා. ඒ මුදල හම්බන්තොට වරාය විකුණලා ගත්තු මුදල වගේ දෙගුණයක්. 2019 ඒවගේ හතර ගුණයක් වැයවෙනවා.
ඒවගේම මෙවර අයවැයෙන් සෘජු බදු වැඩිකරනවා කියා මුදල් ඇමති කිව්වා. නමුත් 2018 දී වක්‍රබදු 82% යි, සෘජු බදු 18% යි. මේ තත්ත්වය සෘජු බදු 60% වක්‍ර බදු 40% අනුපාතයට ගේනවා කිව්වා. කලින් තිබ්බේ වක්‍ර බදු 80% සෘජු බදු 20% අනුපාතයටයි. නමුත් මෙවර අයවැය ලේඛනයෙන් වක්‍රබදු 82% ට වැඩිකරලා, සෘජු බදු 18% ට අඩුකරලා. ඒ කියන්නේ පොදු ජනයා ගෙවන බදු වැඩි කරලා ඉහළ ආදායම් ලබන්නා ගෙවන බදු අඩුකරලා.
පැරණි යල් පැනපු සාම්ප්‍රදායික වට්ටෝරුවේ හිරවෙලා ආණ්ඩුව කටයුතු කරන්නේ. නව ආර්ථික උපයෝගී මාර්ගයකින් තොරව රටේ ආර්ථික අර්බුදයට විසඳුම් සොයන්න බැහැ" යනුවෙන් කියා සිටියේය.
Most Reading
-
කාන්තාවකට අයුතු අවහිරයක් සිදුකර කර සාපරාධී බලහත්කාරකමක් කිරිමට අදාළව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතාගේ බිරිඳ සහ දියණිය වහා...
-
ysgmq fj<| weu;s fcdkaiagka m%kdkaÿf.a n;a;ruq,a," chjvk.u msysá ksjfia jeisls,s jf,ka" ckm%sh .dhsld iñ;d trkao;S uqÿkafldg...
-
ඉදිරි දින කිහිපය තුළ සුවිශේෂී වෙනස්කමක් සිදුකරන බව ජනාධිපති ම්රෛතීපාල සිරිසේන මහතා අද ශ්රී ලංකා නිදහස් පක්ෂයට දැනුම් දී තිබේ. පළාත්...
-
දේශපාලනයේ අලුයට ගිනි නැංවෙමින් ඇත. පලාත් පාලන මැතිවරණ ජයග්රහණයෙන් පසු හිස උදුම්මාගත් බැසිල් රාජපක්ෂ ප්රමුඛ බැසිල්ගේ වන්දිභට්ඨයින් විසින...
-
udOHfõ§ ,ika; úl%u;=x. uy;d >d;kh ùug fmr tjlg ysgmq ckm;s uyskao rdcmlaI uy;dg ÿrl:kfhka l;d lr we;s nj Tyqf.a udOH m%ldYl frdydka je...