Monday, November 13, 2017
Home
Gossip Lanka News
ඉතිහාසයේ ප්‍රථම වරට එකවර නිරවුල් ඔප්පු 2864 නිවාස ලාභීන්ට
ඉතිහාසයේ ප්‍රථම වරට එකවර නිරවුල් ඔප්පු 2864 නිවාස ලාභීන්ට
-
Monday, November 13, 2017
රාජ්‍ය ගිණුම්කාරක සභාව මඟින් සංවිධානය කළ 2015 වසරේ ආර්ථික සංවර්ධන ක්‍රියාකාරීත්වය කෙරෙහි නීතිය හා විදි විධාන නිසි කළමණාකරණයකින් යුතුව ක්‍රියාත්මක වූ හොදම අමාත්‍යාංශයට හිමි රිදී සම්මානය කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය පලනි තිගාම්බරම් මහතාගේ අමාත්‍යාංශය වන කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශයට හිමිව තිබේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (13) පාර්ලිමේන්තු සංකීර්ණයේදී මෙම සම්මාන උළෙල පැවැත්වුණි.
ඒ අනුව රජය මඟින් වෙන් කළ ප්‍රතිපාදන නිසි ආකාරව යොදානිමින් කඳුකරයේ වතු ප්‍රජාවට සේවය කළ කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශයට හිමි රිදී සම්මානය අමාත්‍යාංශ ලේකම් රංජිනී නඩරාජපිල්ලෙයි මහත්මිය වෙත ගරු අග්‍රාමාත්‍යතුමා විසින් පිරිනැමුණු ලැබීය.
අමාත්‍ය පලනි තිගාම්බරම් මහතාගේ මඟ පෙන්වීම යටතේ මේ වන විට වතු ප්‍රජාව වෙනුවෙන් පර්චස් 7 කින් යුතු තනි නිවාස 5000 කට අධික ප්‍රමාණයක් ඉදිකර ජනතා අයිතියට පත් කර ඇති අතර ඒ සඳහා ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරන අමාත්‍යශයේ සහයෝගය ඇතිව නිරවුල් ඔප්පුද පිරිනමනු ලබයි.
මේ සදහා ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරන අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාද එක්ව සිටියහ.
