Monday, November 13, 2017
Home
Gossip Lanka News
සාගලත් දැන් ඩීල් ද? - ගාමිණී සෙනරත් හමුවුණා ද? - සාගලගෙම කටින් එළියට
සාගලත් දැන් ඩීල් ද? - ගාමිණී සෙනරත් හමුවුණා ද? - සාගලගෙම කටින් එළියට
-
Monday, November 13, 2017
හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණි සෙනරත් තමන් හමුවූ බවට වන චෝදනා ප්‍රතික්ෂේප කරන බවට නිතිය හා සාමය අමාත්‍ය සාගල රත්නායක මහතා පවසයි.
එසේම තමන්ට එරෙහිව චෝදනා නගන පුද්ගලයන් පිළිබඳව තමන්ට ඇත්තේ අනුකම්පාවක් පමණක් බවත අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.
නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යංශයේ මාධ්‍ය ඒකකය
මඟින් මිට අදාල මාධ්‍ය නිවේදනය නිකුත් කර ඇති අතර එහි සඳහන් අමාත්‍යවරයාගේ සම්පුර්ණ ප්‍රකාශය පහතින්,
"දස වසරක් පුරා පැවති පසුගිය පාලන සමය තුළ මහා පරිමාණ දුෂිත ක්‍රියා සිදු කිරීම සඳහා පෙරමුණ ගෙන සිටියේ පාලකයන්ට හිතවත් සුළුතර කල්ලියක් බව ප්‍රසිද්ධ කරුණකි.
එම පාලනය පෙරළා දැමීම සඳහා 2015 ජනවාරි 08 වැනි දින හැට දෙලක්ෂයක ජනතාව පෙරට පැමිණියේ එම දූෂිත ක්‍රියාකලාපය අවසන් කිරීම කාලීන අවශ්‍යතාවක් වූ බැවිනි. ඒ සඳහා පුරෝගාමී මෙහෙවරක් ඉටු කරන ලද්දේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහත්වරුන් සහ ඔවුන් වටා ඒකරාශී වූ බලවේග විසිනි.
යහපාලන රජයත්, එය නියෝජනය කරන ඇමතිවරුන් වන අපත් බලයට පැමිණියේ මෙම සියලු දූෂිත ක්‍රියා පුළුල්ව විමර්ශනය කොට වැරදිකරුවන්ට උපරිම දඬුවම් ලබා දෙන පොරොන්දුව මතය.
මේ ක්‍රියාවලිය තුළ නීතිය සහ සාමය භාර අමාත්‍යවරයා වශයෙන් මා වෙත සුවිශේෂ වගකීමක් පැවරෙන අතර, මේ මොහොත වන තුරුත් මම එය නොපිරිහෙළා ඉටු කරමි.
කුමන බාධක සහ අභියෝග පැමිණියත්, පොලිස් දෙපාර්තමේන්තුවේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ ප්‍රධානීන් සහ නිලධාරින් සමග, ඇමතිවරයා වන මමද එම කාර්යභාරයට උරදී සිටිමි.
රුපියල් බිලියන 4 ක මහජන මුදල් වංචා කළ බවට චෝදනා ඇති හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණි සෙනරත් මා හමුවූ බවට හැඟවෙන පරිදි ඇතැම් මාධ්‍යත්, සමාජ මාධ්‍ය සහ වෙබ් අඩවිත් පුවත් පළ කරන්නේ මෙබඳු පසුබිමක් තුළය.
එය සහමුලින්ම පදනම් විරහිත, අසත්‍ය සහ ද්වේශ සහගත චෝදනාවකි. මහා පරිමාණ දූෂණ වංචා සම්බන්ධයෙන් චෝදනා ඇති ගාමිණි සෙනරත් වැන්නෙකු හමුවීමටත්, එවැනි අයෙකු සමග ගනුදෙනු පැවැත්වීමටත් මා හට කිසිදු අවශ්‍යතාවක් නැති අතර එබඳු ගනුදෙනු වලින් මට ලබා ගැනීමට දෙයක්ද නැත.
එමනිසා මෙම අභූත චෝදනාව පිළිකුලෙන් යුතුව ප්‍රතික්ෂේප කරන අතර මේ පිටුපස සිටින්නේ සැඟවුණු දේශපාලන න්‍යායපත්‍ර සහිත ඉතා සුළු පිරිසක් පමණක් බව මගේ විශ්වාසයයි.
ඔවුන් ගැන මට ඇත්තේ අනුකම්පාවක් පමණක් බවද අවසන් වශයෙන් ප්‍රකාශ කරනු කැමැත්තෙමි."
Most Reading
-
කාන්තාවකට අයුතු අවහිරයක් සිදුකර කර සාපරාධී බලහත්කාරකමක් කිරිමට අදාළව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතාගේ බිරිඳ සහ දියණිය වහා...
-
ysgmq fj<| weu;s fcdkaiagka m%kdkaÿf.a n;a;ruq,a," chjvk.u msysá ksjfia jeisls,s jf,ka" ckm%sh .dhsld iñ;d trkao;S uqÿkafldg...
-
ඉදිරි දින කිහිපය තුළ සුවිශේෂී වෙනස්කමක් සිදුකරන බව ජනාධිපති ම්‍රෛතීපාල සිරිසේන මහතා අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දැනුම් දී තිබේ. පළාත්...
-
දේශපාලනයේ අලුයට ගිනි නැංවෙමින් ඇත. පලාත් පාලන මැතිවරණ ජයග්රහණයෙන් පසු හිස උදුම්මාගත් බැසිල් රාජපක්ෂ ප්රමුඛ බැසිල්ගේ වන්දිභට්ඨයින් විසින...
-
udOHfõ§ ,ika; úl%u;=x. uy;d >d;kh ùug fmr tjlg ysgmq ckm;s uyskao rdcmlaI uy;dg ÿrl:kfhka l;d lr we;s nj Tyqf.a udOH m%ldYl frdydka je...