Wednesday, November 08, 2017
Home
Gossip Lanka News
කලාකරුවන් කඩේ ගියාට, නාමල් ආමි එකෙන් පඩි ගෙවා ඇත්තේ මෙන්න මෙහෙමයි
කලාකරුවන් කඩේ ගියාට, නාමල් ආමි එකෙන් පඩි ගෙවා ඇත්තේ මෙන්න මෙහෙමයි
-
Wednesday, November 08, 2017
ජනප්‍රිය කලාකරුවන් වන ක්‍රිෂාන්ත එරන්දක, අර්ජුන් කමලනාත් සහ ප්‍රියංකර පෙරේරා 2015 වසරේ ජනවාරි මාසය දක්වා ශ්‍රී ලංකා යුද හමුදාවේ දෙවන ස්වෙච්ඡා පොදු සේවා බලකායෙන් මාසිකව වැටුප් හා ආහාර දීමනා ඇතුළුව රුපියල් 60,000 කට ආසන්න ප්‍රමාණයක් වංචා සහගතව ලබාගෙන ඇති බව යුද හමුදා අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන බව අන්තර්ජාල මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.
මෙම ජනප්‍රිය කලාකරුවන් තිදෙනා මෙසේ යුද හමුදාවේ දෙවන ස්වෙච්ඡා පොදු සේවා බලකායට නාමිකව බඳවාගෙන ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ නියෝගය මත බව විමර්ශනවලදී වැඩිදුරටත් හෙලිදරව් වී ඇති බවයි එම වාර්තා වල සඳහන් වන්නේ.
ශ්‍රී ලංකා යුද හමුදාවේ වැටුප් අධ්‍යක්ෂක බ්‍රිගේඩියර් සනත් පෙරේරා මේ බව විමර්ශනවලදී පිළිගෙන ඇති අතර කාන්තා මේජර් වඩුමෙස්ත්‍රී හා කාන්තා මේජර් සුසිරා පෙරේරා ඒ බව තහවුරු කොට ඇති බවත් එහි සඳහන්
ජනප්‍රිය ගායක ක්‍රිෂාන්ත එරන්දක සෙ/2ඕ-02044 යන අනුක්‍රමික අංකය යටතේ යුද හමුදා සැරයන්වරයෙකු වශයෙනුත්, ජනප්‍රිය නළු අර්ජුන් කමලනාත් සෙ/2ඕ-02045 යන අනුක්‍රමික අංකය යටතේ යුද හමුදා සැරයන්වරයෙක වශයෙනුත් ගායක ප්‍රියංකර පෙරේරා තවත් යුද හමුදා සැරයන්වරයෙකු වශයෙනුත් වසර ගණනාවක් තිස්සේ මෙම නීතිවිරෝධි ක්‍රියාවේ නිරත වී ඇත්තේ නාමල් රාජපක්ෂගේ මගපෙන්වීම යටතේ බවත් එම වාර්තා වල සඳහන්.
මෙම අනීතික ක්‍රියාව පොදු දේපල පනතට වැටෙන්නක් බැවින් ශ්‍රී ලංකා යුද හමුදාව විසින් පරීක්ෂණයේ ඉදිරි කටයුතු මෙහෙයවීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමුකොට තිබේ.
Most Reading
-
කාන්තාවකට අයුතු අවහිරයක් සිදුකර කර සාපරාධී බලහත්කාරකමක් කිරිමට අදාළව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතාගේ බිරිඳ සහ දියණිය වහා...
-
ysgmq fj<| weu;s fcdkaiagka m%kdkaÿf.a n;a;ruq,a," chjvk.u msysá ksjfia jeisls,s jf,ka" ckm%sh .dhsld iñ;d trkao;S uqÿkafldg...
-
ඉදිරි දින කිහිපය තුළ සුවිශේෂී වෙනස්කමක් සිදුකරන බව ජනාධිපති ම්‍රෛතීපාල සිරිසේන මහතා අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දැනුම් දී තිබේ. පළාත්...
-
දේශපාලනයේ අලුයට ගිනි නැංවෙමින් ඇත. පලාත් පාලන මැතිවරණ ජයග්රහණයෙන් පසු හිස උදුම්මාගත් බැසිල් රාජපක්ෂ ප්රමුඛ බැසිල්ගේ වන්දිභට්ඨයින් විසින...
-
udOHfõ§ ,ika; úl%u;=x. uy;d >d;kh ùug fmr tjlg ysgmq ckm;s uyskao rdcmlaI uy;dg ÿrl:kfhka l;d lr we;s nj Tyqf.a udOH m%ldYl frdydka je...