Wednesday, November 08, 2017
Home
Gossip Lanka News
රවීගේ මන්ත්‍රී ධූරයත් හැරයයි?
රවීගේ මන්ත්‍රී ධූරයත් හැරයයි?
-
Wednesday, November 08, 2017
අනීකා විජේසූරිය මහත්මියට තර්ජනය කළ බව කියන ශනිල් නෙත්තිකුමාර නමැති පුද්ගලයා පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතාගේ ඥාතියෙකු නොවන අතර, එසේ ඥාතියෙකු බව අතිරේක සොලිසිටර් ජනරාල් යසන්ත කෝදාගොඩ මහතා ඔප්පුකළහොත් තමා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා ඊයේ (07දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
එසේ ඔප්පුකිරීමට නොහැකි වුවහොත් අතිරේක සොලිසිටර් ජනරාල් යසන්ත කෝදාගොඩ මහතා බැඳුම්කර කොමිසමෙන් සමාව ගතයුතු බවද රවි කරුණානායක මහතා ප්‍රකාශ කර සිටියේ වරප්‍රසාද කඩවීමේ ප්‍රශ්නයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමිනි.
වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා,
“2017.10.07 දින රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල් යසන්ත කෝදාගොඩ මහතා විසින් මහ බැංකු බැඳුම්කර කොමිසම අවසාන වීමට නියමිතව තිබූ දිනයේ කරන ලද ප්‍රකාශයක් නිසා මගේ වරප්‍රසාද කඩවී තිබෙනවා.
අනීකා විජේසූරියගේ වැඩිමහල් සොහොයුරු විජිත විජේසූරිය නමැත්තා යොමුකළ පැමිණිල්ලක පිටපතට අනුව ඇයට මරණ තර්ජන එල්ලවී ඇති බව ඔහු පැවසුවා. ඒ හේතුවෙන් රටින් පලායාමට සිදුව ඇති බව පැවසුවා.
එම ප්‍රකාශයේ සඳහන්ව තිබෙන ශනිල් නෙත්තිකුමාර නමැත්තා සමග මගේ කිසිදු සම්බන්ධතාවක් නැහැ. ඒබව ඔප්පු කළොත් මම අස්වීමට සූදානම්. එය ඔප්පු කළ නොහැකි වුවහොත් ඔහු විසින් හිතාමතා නොමඟ යවන ලද බැඳුම්කර කොමිසමෙන් සමාවගත යුතුයි" යනුවෙන් කියා සිටියේය.
අද
Most Reading
-
කාන්තාවකට අයුතු අවහිරයක් සිදුකර කර සාපරාධී බලහත්කාරකමක් කිරිමට අදාළව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතාගේ බිරිඳ සහ දියණිය වහා...
-
ysgmq fj<| weu;s fcdkaiagka m%kdkaÿf.a n;a;ruq,a," chjvk.u msysá ksjfia jeisls,s jf,ka" ckm%sh .dhsld iñ;d trkao;S uqÿkafldg...
-
ඉදිරි දින කිහිපය තුළ සුවිශේෂී වෙනස්කමක් සිදුකරන බව ජනාධිපති ම්රෛතීපාල සිරිසේන මහතා අද ශ්රී ලංකා නිදහස් පක්ෂයට දැනුම් දී තිබේ. පළාත්...
-
දේශපාලනයේ අලුයට ගිනි නැංවෙමින් ඇත. පලාත් පාලන මැතිවරණ ජයග්රහණයෙන් පසු හිස උදුම්මාගත් බැසිල් රාජපක්ෂ ප්රමුඛ බැසිල්ගේ වන්දිභට්ඨයින් විසින...
-
udOHfõ§ ,ika; úl%u;=x. uy;d >d;kh ùug fmr tjlg ysgmq ckm;s uyskao rdcmlaI uy;dg ÿrl:kfhka l;d lr we;s nj Tyqf.a udOH m%ldYl frdydka je...