Monday, November 13, 2017
Home
Unlabelled
ශ්‍රීලනිප ප්‍රතිපත්ති රකින්නේ අපියි: ආයේ රැවටෙන්නේ නෑ - හිටපු ජනපති මහින්ද අනුරාධපුරයේදී කියයි
ශ්‍රීලනිප ප්‍රතිපත්ති රකින්නේ අපියි: ආයේ රැවටෙන්නේ නෑ - හිටපු ජනපති මහින්ද අනුරාධපුරයේදී කියයි
-
Monday, November 13, 2017
හිටපු ජනාධිපති මහින්ද රාජපé මහතා අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේ පැවති එdකාබද්ධ විපéයේ ජන රැලියට සහභාගී වූ අයුරු. ඊට සහභාගී වූ ජනතාවගෙන් කොටසක්‌ද ඡායාරූපයේ වෙති.
ඡායාරූප - රංජිත් විමලසිරි
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ප්‍රතිපත්ති රකින්නේ ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන අප යෑයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඊයේ (12 වැනිදා) අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේදී පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ඒකාබද්ධ විපක්‍ෂය විසින් සංවිධානය කළ රැලියේදී පැවසීය.
පක්‍ෂයක වැදගත් වන්නේ ලකුණ නොව ප්‍රතිපත්ති බව පැවසූ හිටපු ජනාධිපතිවරයා එක පාරක් රැවටුණාට දෙවැනි පාර රැවටෙන්නේ නැතැයි ද කීවේය.
බණ්‌ඩාරනායක මහතා සහ ඩී. ඒ. රාජපක්‍ෂ මහතා එජාපයෙන් එදා ඉවත් වෙලා මෛත්‍රිපාල සේනානායක, රත්නායකලා එක්‌ව හදපු ශ්‍රී.ල.නි.පය අද එ.ජා.ප.යට පවරා දී අවසන් බවත් හිටපු ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම රැලියට ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දිනේෂ් ගුණවර්ධන, වාසුදේව නානායක්‌කාර, මහින්දානන්ද අලුත්ගමගේ, කුමාර වෙල්ගම, ජනක බණ්‌ඩාර තෙන්නකෝන්, විමල් වීරවංශ, සී. බී. රත්නායක, පවිත්‍රා වන්නිආරච්චි, එස්. එම්. චන්ද්‍රසේන, ෂෙහාන් සේමසිංහ යන මහත්ම මහත්මීන් ඇතුළු ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන මන්ත්‍රීවරු විශාල පිරිසක් සහභාගි වූහ.
'දූෂණ ආණ්‌ඩුවේ අසම්මත ගමනට එරෙහිව' යන්න තේමා කරගෙන මෙම ජන හමුවට අතිවිශාල ජනකායක් සහභාගි වූහ.
අනුර බාලසූරිය, නොච්චියාගම - එම්. එම්. පී. ජී. පෙරේරා
Most Reading
-
කාන්තාවකට අයුතු අවහිරයක් සිදුකර කර සාපරාධී බලහත්කාරකමක් කිරිමට අදාළව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතාගේ බිරිඳ සහ දියණිය වහා...
-
ysgmq fj<| weu;s fcdkaiagka m%kdkaÿf.a n;a;ruq,a," chjvk.u msysá ksjfia jeisls,s jf,ka" ckm%sh .dhsld iñ;d trkao;S uqÿkafldg...
-
ඉදිරි දින කිහිපය තුළ සුවිශේෂී වෙනස්කමක් සිදුකරන බව ජනාධිපති ම්‍රෛතීපාල සිරිසේන මහතා අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දැනුම් දී තිබේ. පළාත්...
-
දේශපාලනයේ අලුයට ගිනි නැංවෙමින් ඇත. පලාත් පාලන මැතිවරණ ජයග්රහණයෙන් පසු හිස උදුම්මාගත් බැසිල් රාජපක්‍ෂ ප්රමුඛ බැසිල්ගේ වන්දිභට්ඨයින් විසින...
-
udOHfõ§ ,ika; úl%u;=x. uy;d >d;kh ùug fmr tjlg ysgmq ckm;s uyskao rdcmlaI uy;dg ÿrl:kfhka l;d lr we;s nj Tyqf.a udOH m%ldYl frdydka je...