Monday, November 13, 2017
Home
Gossip Lanka News
මගේ ජනජය පක්‍ෂය සමඟ එකතුවෙන්න - සියලු පක්‍ෂවල වැදගත් මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලනවා - මර්වින් සිල්වා
මගේ ජනජය පක්‍ෂය සමඟ එකතුවෙන්න - සියලු පක්‍ෂවල වැදගත් මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලනවා - මර්වින් සිල්වා
-
Monday, November 13, 2017
තම පක්‌ෂය වන ශ්‍රී ලංකා ජනජය පක්‌ෂය සමග එක්‌වන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්‌ෂය, එක්‌සත් ජාතික පක්‌ෂය සහ ඒකාබද්ධ විපක්‌ෂය නියෝජනය කරන වැදගත් මන්ත්‍රීවරුන්ගෙන් තමා ඉල්ලා සිටින බව පසුගිය රජයේ හිටපු අමාත්‍ය ආචාර්ය මර්වින් සිල්වා මහතා පැවැසීය.
ශ්‍රී ලංකා ජනජය පක්‌ෂයට ආශීර්වාද ලබා ගැනීම සඳහා ඉකුත් 09 වෙනිදා සවස අනුරාධපුර ජය ශ්‍රී මහා බෝසමිඳුන් අභියස පැවැති ආශීර්වාද පුජාවකට සහභාගී වූ අවස්‌ථාවේ මාධ්‍යය අමතමින් හෙතෙම මේ බව ප්‍රකාශ කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්‌වූ මර්වින් සිල්වා මහතා මෙසේ ද පැවැසීය.
මගේ මේ ගමන අනගාරික ධර්මපාලතුමාගේ සහ දුටුගැමුණු මහරජතුමාගේ ප්‍රාර්ථනාවත් එකතු කර ගෙන යන ගමනක්. මට පේනවා සිංහල ජාතියත්, බෞද්ධාගමත් එදා 1815 දී මේ රට සුද්දට පාවා දුන්න වගේ සිටින සමහර නායකයින් අතින් දැන් පාවා දී ගෙන යනව. මේවට එරෙහිව මාධ්‍ය පෙරමුණ ගන්න ඕන. මේවා කරන අයට දෑස් ඇරේවා යන්න මම මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරන්න ජය ශ්‍රී මහා බෝසමිඳුන් අභියසට ආවෙ.
ජනාධිපතිතුමා බොහොම නිහතමානි කෙනෙක්. මට පේන විදිහට කවුරුන් හෝ එතුමාටත් කකුල් මාට්‌ටුවක් දාලද දන්නේ නෑ. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාත් ප්‍රඥාවන්තයෙක්. එතුමාටත් දොස්‌තර මහත්තයෙක් වැරදි බෙහෙතක් දීම නිසා කොලොප්පමක් වෙලාද කියල මම දන්නෙ නෑ. මම කලක් රනිල් වික්‍රමසිංහ මහතා යටතේත් කටයුතු කළා. පසුගිය රජයේ ඇමැති මණ්‌ඩලයේ වත්මන් ජනාධිපතිතුමා සමගත් එකට කටයුතු කළා. මම බොහොම සුහදශීSලීව කතා කරන්නේ.
ඒ වගේම ඒකාබද්ධ විපක්‌ෂයේත් ඉතාම වැදගත් මන්ත්‍රීවරු ඉන්නව. එක්‌සත් ජාතික පක්‌ෂයේත් වැදගත් මන්ත්‍රීවරු ඉන්නව. ශ්‍රී ලංකා නිදහස් පක්‌ෂයේත් ඉතාම වැදගත් මන්ත්‍රීවරු ඉන්නව. මගේ අලුත් පක්‌ෂය වන ශ්‍රී ලංකා ජනජය පක්‌ෂය වටා එකතුවෙන ලෙසට ඒ සියලු දෙනාගෙන් මම ඉල්ලා සිටිනව.
වෙනත් කිසිම ජාතියකට රටේ කෑලි ඉල්ලන්න අවසරයක් නෑ. ඒ අය ආගන්තුකයෝ පමණයි. ආගන්තුකයාට සැලකීම තමයි සිංහල බෞද්ධයාගේ යුතුකම. අපට බුදු හාමුදුරුවෝ පෙන්වා දුන් මාර්ගය ඒකයි. ආගන්තුකයෝ විදිහට ආව නම් ගෞරවණීය ලෙස ඉන්න. අතනින් කොටසක් මට ඕන. මෙතනින් කොටසක් මට ඕන කියල කොටස් ඉල්ලන්න එන්න එපා. ප්‍රභාකරන්ගේ පාට් දාන්න ආවොත් නැවතත් පොලිසියට හමුදාවට ඉස්‌සෙල්ල අවි ආයුධ ගැනීමට සිදුවන්නෙ මේ රටේ සිංහල ජනතාවට කියල මම රටට කියනව.
වැඩක් නොකරන වැඩක් කිරීමට බැරි මාධ්‍ය සාකච්ජාවලින් රට සරසන බොරු වැඩ කර උන්මත්තකයන් වගේ වැඩ කරන අය සමග ලයිට් නැති කාමරයක ඉඳන් සාකච්ජා කිරීමට මම සුදානම් නෑ. මම ඒ අයට කියන්නේ මා සමග සාකච්ජා කිරීමට ලයිට් දාල එන්න කියල. දුටුගැමුණු මහරජතුමාගේ අධිෂ්ඨානයෙන් මගේ ප්‍රතිපත්ති කවුරුන් හෝ පිළිගන්න කැමති නම් මම සුදානම් ප්‍රධාන පක්‌ෂ දෙක සමග සාකච්ජා කිරීමට. එහෙම නැතිව කිසිම පක්‌ෂයකට මගේ සහයෝගයක් ලබා දීමට මම ලැස්‌ති නෑ.
මට බොරු කියන්න බෑ. බොරු කරන්න බෑ.දැන් පන්සිල් පද පහ ඕල් සේල් වෙන්දේසි කර ඉවරයි. පන්සිල් පද පහ කිව්වට මේ රටේ එය රකින කෙනෙක් නෑ. ඒ නිසා තමයි අද මේ රටේ අයහපත් කාලගුණ විපර්යාස සිදුවෙලා තිබෙන්නෙ. දෙවිවරු මේ රට ගැන බලන්නේ නෑ. මේ වෙන්න යන දේවල් දෙස බලමින් දෙවිවරු කඳුළු සලමින් ඉන්නෙ.
මර්වින් සිල්වා හැමදාම මැතිවරණවලට ඉදිරිපත් වූ කෙනෙක්. ඒ නිසා ලිහා බලන්න ඕන මල්ල ඔබල බලන්න ඕන නෑනෙ. මම අවුරුදු හතකට පසු එක්‌සත් ජාතික පක්‌ෂයෙන් තරග කොට තිස්‌සමහාරාම ආසනය ජයග්‍රහණය කළා. තිස්‌සමහාරාමේ ඉඳල ඇවිත් මම කැලණිය ආසනය ජයග්‍රහණය කළා. නමුත් ප්‍රාදේශීය සභා මැතිවරණයේදී මම නායකත්වය ගන්නව විතරයි. ඒ ගැන මම මගේ නිලධාරී මණ්‌ඩලයත් සමග සාකච්ජා කරමින් පවතිනව. සරුංගලයක් ඇරියනම් ඒක හරියට යන්න ඕන. දේශපාලනයේ පියවර කීපයක් මම පස්‌සට අරන් හිටියේ. ඒ නිසා තවත් පියවරක් බලා සිටිනව මොකද වෙන්නෙ කියල. ඉදිරි පළාත් පාලන මැතිවරණවලට තරග කරනවද නැද්ද කියල තවම මම තීරණය කර නෑ.
පර්සි කුරුනේරු
Most Reading
-
කාන්තාවකට අයුතු අවහිරයක් සිදුකර කර සාපරාධී බලහත්කාරකමක් කිරිමට අදාළව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතාගේ බිරිඳ සහ දියණිය වහා...
-
ysgmq fj<| weu;s fcdkaiagka m%kdkaÿf.a n;a;ruq,a," chjvk.u msysá ksjfia jeisls,s jf,ka" ckm%sh .dhsld iñ;d trkao;S uqÿkafldg...
-
ඉදිරි දින කිහිපය තුළ සුවිශේෂී වෙනස්කමක් සිදුකරන බව ජනාධිපති ම්‍රෛතීපාල සිරිසේන මහතා අද ශ්‍රී ලංකා නිදහස් පක්‌ෂයට දැනුම් දී තිබේ. පළාත්...
-
දේශපාලනයේ අලුයට ගිනි නැංවෙමින් ඇත. පලාත් පාලන මැතිවරණ ජයග්රහණයෙන් පසු හිස උදුම්මාගත් බැසිල් රාජපක්ෂ ප්රමුඛ බැසිල්ගේ වන්දිභට්ඨයින් විසින...
-
udOHfõ§ ,ika; úl%u;=x. uy;d >d;kh ùug fmr tjlg ysgmq ckm;s uyskao rdcmlaI uy;dg ÿrl:kfhka l;d lr we;s nj Tyqf.a udOH m%ldYl frdydka je...