BREAKING NEWS
latest

728x90

468x60

Monday, November 27, 2017

අගමැතිකමවත් විපක්‍ෂ නායකකමවත් මම ඉල්ලුවේ නෑ

අගමැතිකමවත් විපක්‍ෂ නායකකමවත් මම කවදාවත් ඉල්ලුවේ නැහැ. මේවා මඩ ගහන්න කරන බොරු ප්‍රචාරයයි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඊයේ (26 දා) අහුන්ගල්ලේදී පැවැසීය.

අමරපුර චූලගන්ධි මහා නිකායේ ජ්‍යෙෂ්ඨ අනුනායක අහුන්ගල්ල මරදාන පුලිනතලාරාමාධිපති පූජ්‍ය වැලිතර අමරනන්ද ස්‌වාමීන්වහන්සේගේ 59 වන ජන්ම දිනය නිමිත්තෙන් එම විහාරස්‌ථානයේදී පැවැති පිංකමක්‌ අවසානයේදී මාධ්‍යවේදීන් අමතා ඒ මහතා කීය.

අනුනාහිමියන්ගේ ජන්ම දිනය නිමිතිකරගෙන ශතාධික සංඝගත දක්‌ෂිණාවක්‌ද, ගැබිනි මාතාවන් 100 දෙනකුට අවශ්‍ය උපකරණ කට්‌ටල බෙදාදීම මෙහිදී සිදුකෙරිණි. තවදුරටත් කරුණු දැක්‌වූ ඒ මහතා මෙසේ කීය. ඉදිරි පළාත් පාලන මැතිවරණය තෝරාගත් කොටසක පමණක්‌ පැවැත්වීම අප අනුමත කරන්නේනැහැ. සම්පූර්ණයෙන්ම එකවර පළාත් පාලන මැතිවරණය පවත්වන ලෙස රජයෙන් ඉල්ලා සිටිනවා. ඉදිරි මැතිවරණය සඳහා ඒකාබද්ධ විපක්‍ෂය, ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය සමඟ එකතු වෙනවාද නැද්ද තීරණය කරන්නේ මම නෙවෙයි. අපේ මන්ත්‍රී කණ්‌ඩායමයි. ඒ පිළිබඳ සාකච්ඡා කිරීමට තුන් දෙනෙකු පත් කර තිබෙනවා. ඒ අයගේ තීන්දුව අනුවයි ඉදිරි තීරණ ගන්නේ.

අපි එකතු වෙන්න නම් අගමැතිකම හෝ විපක්‍ෂ නායකකම ඉල්ලුවා කිව්වත් අපි එහෙම ඉල්ලුවේ නැහැ. මේවා මට මඩ ගහන්න හදන බොරු ප්‍රචාරයි. මේවාට නොරැවටෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.


බලපිටියේ අනුර යසමිත්
« PREV
NEXT »