BREAKING NEWS
latest

728x90

468x60

Monday, November 27, 2017

පුංචි ඡන්ද පෙත්සම ඉල්ලා අස්‌කරගන්නා ලකුණු

පළාත් පාලන ආයතනවල සීමා සහ සභික සංඛ්‍යාව නිර්ණය කරමින් නිකුත් කළ අතිවිශේෂ ගැසට්‌ නිවේදනය බලාත්මක කිරීම වළක්‌වන ලෙස ඉල්ලමින් ඉදිරිපත් කෙරුණු පෙත්සම ඉල්ලා අස්‌කර ගැනීමට කටයුතු කෙරෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කර සිටියි.

එක්‌සත් ජාතික පක්‌ෂය, ජනතා විමුක්‌ති පෙරමුණ හා ද්‍රවිඩ ජාතික සන්ධානය යන පක්‌ෂවල නායකයන් පෙත්සම ගොනු කළ පාර්ශ්වයන් සමඟ දිගින් දිගටම අදහස්‌ හුවමාරු කරගනිමින් දැරූ පරිශ්‍රමයේ ප්‍රතිඵලයක්‌ ලෙස ඉහත පෙත්සම ඉල්ලා අස්‌කර ගැනීමට නියමිතය.අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස්‌ මත එක්‌සත් ජාතික පක්‌ෂ මහලේකම් ඇමැති කබීර් හෂීම්, සභානායක ඇමැති ලක්‌ෂ්මන් කිරිඇල්ල යන මහත්වරු ප්‍රමුඛ එජාප නායකයෝ පෙත්සම්කාර පාර්ශ්වයත් සමඟ අදහස්‌ හුවමාරු කර ගනිමින් පෙත්සම ඉල්ලා අස්‌කර ගැනීමට බලවත් පරිශ්‍රමයක යෙදුණහ.

ඊට අමතරව ජනතා විමුක්‌ති පෙරමුණ නායක අනුර කුමාර දිසානායක මහතා ඇතුළු ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුද පෙත්සම්කාර පාර්ශ්ව සමඟ මේ පිළිබඳව අදහස්‌ හුවමාරු කර ගන්නා ලදී.

ද්‍රවිඩ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කිහිපදෙනෙක්‌ ද ඉහත කටයුත්තට මැදිහත් වෙමින් පාර්ලිමේන්තු සංකීර්ණයේ රැඳී සිටියහ.

සති අන්තයේ කරනු ලැබූ දීර්ඝ අදහස්‌ හුවමාරුවේ ප්‍රතිඵලයක්‌ ලෙස අභියාචනාධිකරණය හමුවේ ගොනු කළ පෙත්සම ඉල්ලා අස්‌කර ගැනීමට හැකි වාතාවරණයක්‌ ගොඩනගා ගැනීමට හැකිවූ බව සභානායක ලක්‌ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කළේය.


අකිත පෙරේරා
« PREV
NEXT »