Friday, November 10, 2017
Home
Gossip Lanka News
බැඳුම්කර කොමිසම ගැන විමසීමට එජාප පොඩ්ඩන් ජනපති හමුවට
බැඳුම්කර කොමිසම ගැන විමසීමට එජාප පොඩ්ඩන් ජනපති හමුවට
-
Friday, November 10, 2017
මහ බැංකු බැඳුම්කර සිද්ධිය සෙවීමට පත් කළ ජනාධිපති කොමිසමට දොෂාරෝපණය කරන ආණ්‌ඩු පක්‌ෂයේ පිරිස් කවුරුන්දැයි හෙළි කර ගැනීම සඳහා ජනාධිපතිවරයා හමුවීමට එක්‌සත් ජාතික පක්‌ෂ පසුපෙළ මන්ත්‍රීවරුන් තීරණය කර ඇත.
බැඳුම්කර කොමිසම පත් කිරීම සම්බන්ධයෙන් දොස් කිව්වේ කවුද? ඒ කවදාද? කොතැනදීද? පැහැදිලි කර ගැනීමට අවශ්‍ය බවත් ඒ සඳහා ජනාධිපතිවරයා හමුවීමට දිනයක් හා වෙලාවක් ඉල්ලා මේ සතියේදීම ලිපියක් යොමු කරන බවත් එක්‌සත් ජාතික පක්‌ෂ මන්ත්‍රී චමින්ද විඡේසිරි මහතා පැවසීය.
මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ දෙවර්ෂ පූර්ණ ගුණ සමරුවේදී ජනාධිපතිවරයා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් මෙම කරුණු පැහැදිලි කර ගැනීම එජාප මන්ත්‍රීවරුන්ගේ අපේක්‌ෂාව වේ.
''මහ බැංකු බැඳුම්කර සිදුවීම සොයා බැලීමට ජනාධිපති කොමිසමක් පත් කළ නිසා මට ආණ්ඩුවේම අය දැන් පහරදෙනවා'' යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එම ගුණ සමරු උළෙලදී පැවසීය.
කෙසේ වෙතත් මීට සති දෙකකට පෙර ජනාධිපතිවරයා හමු වූ අවස්‌ථාවේදී ඔහු එවැනි කාරණයක් හෙළි නොකළ බවත් හදිසියේම සිදු කළ මෙම ප්‍රකාශය ගැන සත්‍ය දැන ගැනීම අත්‍යවශ්‍ය බවත් චමින්ද විඡේසිරි මන්ත්‍රීවරයා වැඩිදුරටත් කීවේය.
Most Reading
-
කාන්තාවකට අයුතු අවහිරයක් සිදුකර කර සාපරාධී බලහත්කාරකමක් කිරිමට අදාළව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතාගේ බිරිඳ සහ දියණිය වහා...
-
ysgmq fj<| weu;s fcdkaiagka m%kdkaÿf.a n;a;ruq,a," chjvk.u msysá ksjfia jeisls,s jf,ka" ckm%sh .dhsld iñ;d trkao;S uqÿkafldg...
-
ඉදිරි දින කිහිපය තුළ සුවිශේෂී වෙනස්කමක් සිදුකරන බව ජනාධිපති ම්‍රෛතීපාල සිරිසේන මහතා අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දැනුම් දී තිබේ. පළාත්...
-
දේශපාලනයේ අලුයට ගිනි නැංවෙමින් ඇත. පලාත් පාලන මැතිවරණ ජයග්රහණයෙන් පසු හිස උදුම්මාගත් බැසිල් රාජපක්ෂ ප්රමුඛ බැසිල්ගේ වන්දිභට්ඨයින් විසින...
-
udOHfõ§ ,ika; úl%u;=x. uy;d >d;kh ùug fmr tjlg ysgmq ckm;s uyskao rdcmlaI uy;dg ÿrl:kfhka l;d lr we;s nj Tyqf.a udOH m%ldYl frdydka je...