විශේෂ වාර්තාකරු විසිනි
Friday, November 10, 2017
Home
Gossip Lanka News
සාමාජික මුදල් කාබාසිනියා කරන ලංකා බැංකු සේවක සංගමයට එරෙහිව සාමාජික විරෝධය
සාමාජික මුදල් කාබාසිනියා කරන ලංකා බැංකු සේවක සංගමයට එරෙහිව සාමාජික විරෝධය
-
Friday, November 10, 2017
ලංකා බැංකු සේවක සංගමයේ නව නිළධාරී මණ්ඩලය විසින්, සංගමයේ සාමාජික මුදල් තම අභිමතය පරිදි කාබාසිනියා කර දැමීම සම්බන්ධයෙන් එහි සාමාජිකත්වයේ විරෝධය එල්ල වී තිබේ.
සාමාජිකයින්ගේ මාසික වැටුපෙන් ලබා දෙන මෙම සාමාජික මුදල් වියදම් කළ යුත්තේ සාමාජිකත්වයේම හෝ බැංකු පද්ධතියේ ඉදිරි ගමන වෙනුවෙන් පිටිවහළක් වන අරමුණු සාක්ෂාත් කර ගැනීමට වුව ද මේ වන විට එම මුදල් නිළදාරීන්ගේ පොකට් මනි බවට පත්ව ඇත.
ලංකා බැංකු සේවක සංගමය විසින් හුදු වින්දනය සහ ආශ්වාදය වෙනුවෙන් පමණක් ක‍්‍රියාත්මක පෝස්ටර් ව්‍යාපාර සහ අත්පත‍්‍රිකා බෙදීම සදහා මාසිකව රුපියල් ලක්ෂ ගණනක් වියදම් කරයි. එසේම, ෆේස්බුක් ප‍්‍රචාරණ කටයුතු වෙනුවෙන් ඔවුන් වියදම් කරන්නේ ඩොලර් වලිනි. එතැනින් ද නොනැවතුණු මෙම නිළධාරීන් රට අරක්කු සදහා ද සාමාජික මුදල් වැය කරමින් සිටින බව දැනගන්නට ලැබේ.
රාජ්‍ය බැංකු වල පැවති නිළවරණ වල දී ලංකා බැංකු සේවක සංගමයේ වත්මන් නිළධාරීන් බලයට පත්වීමේ දී බැංකු සේවක සංගමයක් ලබා දෙන සාමාන්‍ය පොරොන්දු අභිබවා ගොස්, ආණ්ඩුවක් බලයට පත් වීමේ දී ලබා දෙන ප‍්‍රමාණයේ රුස්සාගත නොහැකි පොරොන්දු ලබා දුන්නේය. ඒ පොරොන්දු කෙරෙහි විශ්වාසය තබා ඡුන්දය දුන් බැංකු සේවකයින් අද වන විට දැඩි කලකිරීමට පත්ව සිටියි. ඒවා ඉටු කිරීමට තබා හිතාගන්නටවත් බැරි ඒවා බව සාමාජිකයින් පවා දැන් පිළිගන්නවා ඇත.
කෙසේ නමුත් සාමාජිකත්වය පවසන්නේ, සේවක අභිලාෂයන් ඉටු කිරීමට අසමත් මෙවැනි නිළධාරී මණ්ඩලයක් වෙනුවට වෘත්තීය නිපුණත්වයක් ඇති වැඩ කළ හැකි නව නිළධාරී මණ්ඩලයක් පත් කර ගත යුතු බවයි.
විශේෂ වාර්තාකරු විසිනි
විශේෂ වාර්තාකරු විසිනි
Most Reading
-
කාන්තාවකට අයුතු අවහිරයක් සිදුකර කර සාපරාධී බලහත්කාරකමක් කිරිමට අදාළව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතාගේ බිරිඳ සහ දියණිය වහා...
-
ysgmq fj<| weu;s fcdkaiagka m%kdkaÿf.a n;a;ruq,a," chjvk.u msysá ksjfia jeisls,s jf,ka" ckm%sh .dhsld iñ;d trkao;S uqÿkafldg...
-
ඉදිරි දින කිහිපය තුළ සුවිශේෂී වෙනස්කමක් සිදුකරන බව ජනාධිපති ම්‍රෛතීපාල සිරිසේන මහතා අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දැනුම් දී තිබේ. පළාත්...
-
දේශපාලනයේ අලුයට ගිනි නැංවෙමින් ඇත. පලාත් පාලන මැතිවරණ ජයග්රහණයෙන් පසු හිස උදුම්මාගත් බැසිල් රාජපක්ෂ ප්රමුඛ බැසිල්ගේ වන්දිභට්ඨයින් විසින...
-
udOHfõ§ ,ika; úl%u;=x. uy;d >d;kh ùug fmr tjlg ysgmq ckm;s uyskao rdcmlaI uy;dg ÿrl:kfhka l;d lr we;s nj Tyqf.a udOH m%ldYl frdydka je...