Thursday, November 16, 2017
Home
Gossip Lanka News
තෙල් පෝලීමේ ඉද්දි පොලිසිය කරන්න ගිය අසාධාරණ වැඩේට විරුද්ධ වුන තරුණයව හිරේට දාන්න මාන බලයි
තෙල් පෝලීමේ ඉද්දි පොලිසිය කරන්න ගිය අසාධාරණ වැඩේට විරුද්ධ වුන තරුණයව හිරේට දාන්න මාන බලයි
-
Thursday, November 16, 2017
පසුගිය සතියේ ශ්‍රි ලංකාව තුළ පැවති ඉන්ධන හිගය හේතුවෙන් රියදුරන් ඒ වගේම සාමාන්‍ය ජනතාව විශාල පිරිසක් දැඩි අපහසුතාවයට පට් වුණා. සියලු දිස්ත්‍රික් වල මෙම තත්වය බල පැවැත්වෙන බැවින් ඉන්ධන පිරවුම්හල් ආශ්‍රිතව අධික රථ වාහන තදබදයක් ඇති වී තිබුනා. මේ සියලු දුක් දොම්නස් මැද පසුගිය සතියේ දින කිහිපයේදී සාමාන්‍ය ජනතාව හිමිදිරි උදෑසන සිටම ඉන්ධන ලබා ගැනීමට දිගු පෝලීම් වල සිටිමින් තෙල් ලබා ගැනීමට උත්සුක වී තිබා.
මේ අතර වාරයේ කලුතර ප්‍රදේශයේ මෙලෙස ඉන්ධන ලබා ගැනීමට දිගු පෝලිමකට වී ජනතාව සිටින විට එක්වරම ප්‍රභූවරයෙක්ගේ රථයක් ඉන්ධන ලබා ගැනීමට පොලිස් ආරක්ෂාව මැද පැමිණෙන කෝටිපති පුතෙකුට එරෙහිවන වීඩියෝවක් අපේ රට වෙබ් අඩවිය ඔබට ගෙන ආවා මතක ඇති.
එහි සිටි සැබෑ එඩිතර පුද්ගලයෙක් නිර්භීතව ඉදිරිපත් වී එයට විරෝධය පළ කරමින් අදහස් ප්‍රකාශ කරන්නේ සැබෑම ශ්‍රී ලාංකීය පුද්ගලයෙක් ලෙසයි. එහිදී මෙම පුද්ගලයාට වටේ සිටින කිසිඳු පුද්ගලයෙක්ගේ සහය හිමි නොවෙන අතර වටේ සිටින අය උඩ බලාගෙන සිටින අයුරු සමාජ ජාලාවල විරෝධයට බඳුන් වුනා.
අපේ රට වෙබ් අඩවිය වශයෙන් අප මෙම පුද්ගලයාගේ නිර්භීතභාවය ඉතා දැඩි ලෙස ප්‍රශංශා කරමින් එම වීඩියෝව පල කල අතර මෙවැනි පුද්ගලයන් සමග අතීතයේදී මෙන්ම අනාගතයේදිත් අපේ රට වෙබ් අඩවිය සිටින බව එහිදී අප සඳහන් කලා ඔබට මතක ඇති. අද දවසේ අපේ රට වෙබ් අඩවියට එම නිර්භීත පුද්ගලයා සම්බන්ධ වෙමින් සඳහන් කර සිටියේ ඔහු කල ඒ අසාධාරනයට විරුද්ධ වුන සිදුවීම නිසා ඔහුව අද්භූත චෝදනාවක් එල්ල කරමින් ඔහුව අත් අඩංගුවට ගැනීමට පොලිසිය මාන බලමින් සිටින බවයි.
මේ වන විට එම තරුණයා විරෝධය පල කල කෝටිපති ව්‍යාපාරිකයාගේ හිතමිතුරු බලවත් පොලිස් නිලධාරීන් මෙම තරුණයාට විරුද්ධව කලුතර දකුණ පොලිසියේ පොලිස් නිලධාරීන් විසින් අත් අඩංගුවට ගැනීමක් සිදු නොකල නිසා මේ වනවිට කලුතර දකුණ පොලිසියේ 8දෙනෙක් දවස් දෙකකට පෙර විට කෝටිපති ව්‍යාපාරිකයාගේ හිතවත් පොලිස් ප්‍රධානියෙක් විසින් මාරු කර යවා තිබෙන බවත් මව්බිම පුවත්පත අද වාර්තා කර තිබෙනවා..

