Wednesday, November 15, 2017
Home
Gossip Lanka News
පාර්ලිමේන්තු මන්ත‍්‍රීගේ පෙට‍්‍රල් බවුසරයට බූමිතෙල් කලවම් කරද්දී අතේ මාට්ටු
පාර්ලිමේන්තු මන්ත‍්‍රීගේ පෙට‍්‍රල් බවුසරයට බූමිතෙල් කලවම් කරද්දී අතේ මාට්ටු
-
Wednesday, November 15, 2017
ගලේවෙල මකුලු ගස් වැව ප්‍රදේශයේ පිහිටි අතහැර දමා ඇති කළුගල් මෝලක බව්සර් රථ සගවා මෙම ජාවාරම සිදු කරමින් සිටියදී එම ස්ථානය වටලා ඇත. පොලිස් විශේෂ කාර්ය බලකායේ කණ්ඩායම මෙම ස්ථානයට යන විටත් බවුසර් රථයේ රියැදුරු සහ රිය සහයක ඉන්ධන බවුසරයෙන් පැට්රල් ලීටර් සියයකට අධික ප්‍රමාණයක් පිටතට ඇද බූලි සහ බැරල් වලට පුරවා තිබුනි.
බවුසරයෙන් ඉවත් කරන පැට්රල් ප්‍රමාණයට සරිලන පරිදි වෙනත් ලොරි යකින් එම ස්ථානයට රැගෙන එන භූමිතෙල් ඉන්ධන බවුසරයට පිරවීම සිදු කර ඇත. ඉන්ධන බවුසරයේ රියැදුරු රිය සහයක සහ භූමිතෙල් රැගෙන ආ කුඩා ලොරි රථය ද එහි රියැදුරුද අත්අඩංගුවට ගෙන තිබේ. කෙසේ වෙතත් ලොරියේ රියදුරු පසුව එම ස්ථානයෙන් පළා ගිය බව පොලිසිය කියයි.
ත්‍රිකුණාමලය චයිනබේ ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලකට අයත් මෙම බව්සරය ඉන්දියන් ඔයිල් සමාගමේ ඉන්ධන ප්‍රවාහනය කිරීම සඳහා යොදාගෙන ඇත. මෙම බවුසරයේ හිමිකරු ත්‍රිකුණාමල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. එම්. මහරුෆ් මහතාගේ බව අනාවරණය කරගෙන ඇත. මේ සම්බන්ධයෙන් ඔහගෙන් කළ විමසීමකදී කියා සිටියේ මෙම ජාවාරමට තමන්ගේ කිසිදු සම්බන්ධයක් නොමැති බවයි. පොලිස් විශේෂ කාර්ය බලකායේ බුද්ධි අංශ නිලධාරීන්ගේ ලැබුණු තොරතුරක් මත දඹුල්ල පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ දෙවන කඳවුරේ අණදෙන නිලධාරි පොලිස් පරීක්ෂක එල්. රණතුංග හතාගේ ප්‍රධානත්වයෙන් යුතු කණ්ඩායමක් වැටලීම සිදුකර තිිබුණා.
Most Reading
-
කාන්තාවකට අයුතු අවහිරයක් සිදුකර කර සාපරාධී බලහත්කාරකමක් කිරිමට අදාළව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතාගේ බිරිඳ සහ දියණිය වහා...
-
ysgmq fj<| weu;s fcdkaiagka m%kdkaÿf.a n;a;ruq,a," chjvk.u msysá ksjfia jeisls,s jf,ka" ckm%sh .dhsld iñ;d trkao;S uqÿkafldg...
-
ඉදිරි දින කිහිපය තුළ සුවිශේෂී වෙනස්කමක් සිදුකරන බව ජනාධිපති ම්රෛතීපාල සිරිසේන මහතා අද ශ්රී ලංකා නිදහස් පක්ෂයට දැනුම් දී තිබේ. පළාත්...
-
දේශපාලනයේ අලුයට ගිනි නැංවෙමින් ඇත. පලාත් පාලන මැතිවරණ ජයග්රහණයෙන් පසු හිස උදුම්මාගත් බැසිල් රාජපක්ෂ ප්රමුඛ බැසිල්ගේ වන්දිභට්ඨයින් විසින...
-
udOHfõ§ ,ika; úl%u;=x. uy;d >d;kh ùug fmr tjlg ysgmq ckm;s uyskao rdcmlaI uy;dg ÿrl:kfhka l;d lr we;s nj Tyqf.a udOH m%ldYl frdydka je...