BREAKING NEWS
latest

728x90

468x60

Saturday, November 04, 2017

චන්ද්‍රිකා පාර්ලිමේන්තුවට ආ සැණින් ඇමති ධුරයක් - ලයිස්තුවෙන් ඉල්ලා අස්වෙන මන්ත‍්‍රීට සුපිරි රටක තානාපති කමක්.

චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනාධිපතිනිය පාර්ලිමේන්තුවට ජාතික ලයිස්තුවෙන් පත් කිරීමට සූදානමක් ඇති බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග උපුටා දක්වමින් අන්තර්ජාල මාධ්‍ය වාර්තා කරයි.

පාර්ලිමේන්තුවට පැමිණීමෙන් පසු ඇයට සංහිදියාව සහ ව්‍යවස්ථා කටයුතු සම්බන්ධයෙන් වන නව අමාත්‍යංශයක් පිහිටුවා එහි ඇමතිනිය ලෙස පත් කිරීමටද යන්නේ යයි වාර්තා වෙයි.

මේ සම්බන්ධයෙන් ඉහලම පෙලේ සාකච්චා වට කිහිපයක්ම පැවැත්වී ඇති බවද සදහන්ය.

හිටපු ජනාධිපතිනියට පාර්ලිමේන්තුවට ඒම සදහා දැනට ජාතික ලයිස්තුවෙන්පත් කර සිටින කෙනෙකු ඉල්ලා අස්වීමට සාකච්චා පැවැත්වෙන අතර ඔහුට ප‍්‍රධාන පෙලේ විදේශ රටක තානාපති ධුරයක්ද යෝජනා වී ඇති බව සදහන්ය.
« PREV
NEXT »