Saturday, November 04, 2017
Home
Gossip Lanka News
හදිසි කැබිනට් වෙනසක් වෙන ලකුණු?
හදිසි කැබිනට් වෙනසක් වෙන ලකුණු?
-
Saturday, November 04, 2017
අමාත්‍ය මණ්ඩලයේ හදිසි සංශෝධනයක් සිදුකිරීමට ඉඩ ඇතැයි ඉහළ පෙළේ විශ්වාස කටයුතු රජයේ ආරංචි මාර්ගවලින් පැවසෙයි. මෙම සංශෝධනයේදී රජයේ ඉහළම පෙළේ තනතුරු ගණනාවක් වෙනස්වනු ඇතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියයි.
දැනට පවත්නා දේශපාලන තත්ත්වය හා මැතිවරණ ගැන සැලකිල්ලට ගෙන මෙම තීරණය ගෙන තිබේ.
විශේෂයෙන් බැඳුම්කර කොමිසමේ සාක්ෂි විභාගයේදී අනාවරණය වී ඇති කරුණු මෙන්ම ජාතික ආර්ථිකයේ හටගෙන තිබෙන ගැටලු සහගත තත්ත්වය සමනය කර ගැනීම සඳහා ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන ඇතැයි වැඩිදුරටත් වාර්තාවේ.
මේ සම්බන්ධයෙන් එ.ජා.ප.යට ද දැනුම් දී තිබෙන බව එකී ආරංචි මාර්ග වැඩිදුරටත් කියයි.
