BREAKING NEWS
latest

728x90

468x60

Thursday, November 02, 2017

සම කැබිනට් ප්‍රකාශකයන් මත දෙකක.

ඉදිරි මැතිවරණයේදී තෝරාගත් ප්‍රාදේශීය සභාවලට සහ නගර සභාවලට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සමග පොදු ලකුණකින් තරග කිරීමට එක්සත් ජාතික පක්‍ෂයේ නායකයන් කැමැත්ත පළකළ බව රජයේ සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අද (01දා) පැවසීය. ඒ කැබිනට් මාධ්‍ය හමුවට එක්වෙමිනි.

කෙසේ වෙතත් මෙහිදී අදහස් දැක්වූ සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේ එක්ව තරග කිරීම සම්බන්ධයෙන් තමන් දැනුවත් නොමැති බවත් එය පක්ෂයෙන් විමසිය යුතු බවත්ය.

අමාත්‍ය රාජිත සේනාරත්න මහතා - “ලබන මැතිවරණයට එක්ව තරග කිරීම සාකච්ඡාවට භාජනය කරලා කරන්න පුළුවන් එකක්. මගේ බේරුවල ආසනය ඒ විදියට තමයි තරග කරන්නේ. දැනට සංවිධායකවරුන් දෙන්නම මාත් එක්ක කතා කරගෙන තිබෙනවා. අද හරි හෙට හරි අපි සාකච්ඡා කරලා අවසන් තීන්දුව ගන්නවා. ඒ දෙගොල්ලොම කැමැතියි එක පොදු ලකුණකින් 2015 ජනවාරි 08 වැනිදා වගේ තරග කරන්න.

මේ ගැන එක්සත් ජාතික පක්‍ෂයේ නායකයන්ට මම කතා කළාම සමහර නගර සභා හා ප්‍රාදේශීය සභාවලත් පොදු ලකුණකින් තරග කරන්න එම ස්ථානවල එකතු වෙනවා කියලා කිව්වා.”

අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා - "එක්ව තරග කරන එක ගැන අපි දන්නෑ. ඒක පක්‍ෂයෙන් අහන්න ඕන. පක්‍ෂයෙන් අහන්නෙ නැතිව කියන්න බැහැ. මෙතුමා එතුමන්ලා එක්ක සම්බන්ධතාවක් තියාගෙන වැඩ කරගෙන යනවා ඇති. නිතර ගිවිසුම් තිබෙනවා. සමහර කට්ටිය එහෙම කරනවා. ඒක අපේ පක්‍ෂය ගත්තු තීන්දුවක් නෙමෙයි" යනුවෙන් හෙතෙම පවසා සිටියේය.
« PREV
NEXT »