Wednesday, November 08, 2017
Home
Gossip Lanka News
මාරාන්තික උපවාසය දිගටම - ජනපති හා සාකච්ඡා කළත් සයිටම් විසඳුමක් නැහැ
මාරාන්තික උපවාසය දිගටම - ජනපති හා සාකච්ඡා කළත් සයිටම් විසඳුමක් නැහැ
-
Wednesday, November 08, 2017
රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමවුපියන් හා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතර ඊයේ (06 වැනිදා ) පැවති සාකච්ඡාවෙන් පසුවත් නිශ්චිත ප්‍රතිඵලයක් නොලැබීම නිසා මාරාන්තික උපවාසය අඛණ්‌ඩව පවත්වාගෙන යාමට දෙමවුපිය සංගමය තීරණය කළේය.
සයිටම් ආයතනයට සිසුන් බඳවා ගැනීම නතර කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් දෙමවුපියන් ජනාධිපතිවරයාට ඉදිරිපත් කර ඇති අතර ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා වැඩ බලන ජනාධිපති ලේකම් සුමිත් අබේසිංහ මහතා ඇතුළු නිලධාරින් පිරිසකට දෙමවුපියන් යොමු කර තිබේ. වෛද්‍ය පීඨවල අධ්‍යයන කටයුතු ආරම්භ කිරීම, මුදල් ගෙවා වෛද්‍ය උපාධි ලබා දෙන ආයතන පවත්වාගෙන යැම නතර කිරීම ද දෙමවුපියන් ඉදිරිපත් කළ යෝජනා අතර වෙයි.
වැඩබලන ජනාධිපති ලේකම්වරයා සමග සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් ජනක සුගතදාස හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් ඩී. සී. දිසානායක යන මහත්වරු ද මෙම සාකච්ඡාවට එක්‌ව සිට ඇත. ඔවුන් දෙමවුපියන්ට දැනුම් දී ඇත්තේ එම ඉල්ලීම් සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගත යුත්තේ සයිටම් ගැටලුව විසඳීම සඳහා පත් කරන ලද ජනාධිපති කමිටුවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා යෑයි ද එහෙයින් ඒ මහතා සමග ඉක්‌මන් සාකච්ඡාවක් ලබා දෙන බව ය. මෙම තත්ත්වය යටතේ උපවාසය අඛණ්‌ඩව පවත්වාගෙන යැමට තීරණය කළ බව සාකච්ඡාවට එක් වූ දෙමවුපියෙක් පැවසීය. එමෙන්ම තවත් ඉක්‌මන් සාකච්ඡාවක් අපේක්‍ෂා කරන බවත් හෙතෙම කීවේය.
සයිටම් ආයතනය නියෝජනය කරමින් දෙමවුපියෝ කිහිප දෙනෙක් ද ජනාධිපතිවරයා සමග සාකච්ඡාවට සහභාගි වී තිබේ.
Most Reading
-
කාන්තාවකට අයුතු අවහිරයක් සිදුකර කර සාපරාධී බලහත්කාරකමක් කිරිමට අදාළව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතාගේ බිරිඳ සහ දියණිය වහා...
-
ysgmq fj<| weu;s fcdkaiagka m%kdkaÿf.a n;a;ruq,a," chjvk.u msysá ksjfia jeisls,s jf,ka" ckm%sh .dhsld iñ;d trkao;S uqÿkafldg...
-
ඉදිරි දින කිහිපය තුළ සුවිශේෂී වෙනස්කමක් සිදුකරන බව ජනාධිපති ම්‍රෛතීපාල සිරිසේන මහතා අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දැනුම් දී තිබේ. පළාත්...
-
දේශපාලනයේ අලුයට ගිනි නැංවෙමින් ඇත. පලාත් පාලන මැතිවරණ ජයග්රහණයෙන් පසු හිස උදුම්මාගත් බැසිල් රාජපක්ෂ ප්රමුඛ බැසිල්ගේ වන්දිභට්ඨයින් විසින...
-
udOHfõ§ ,ika; úl%u;=x. uy;d >d;kh ùug fmr tjlg ysgmq ckm;s uyskao rdcmlaI uy;dg ÿrl:kfhka l;d lr we;s nj Tyqf.a udOH m%ldYl frdydka je...