Wednesday, November 08, 2017
Home
Gossip Lanka News
අන්ධ උපාධිධාරීන් සිව්දෙනකුට රැකියා දෙන්න ඇමැති දුමින්ද පොරොන්දු වෙයි
අන්ධ උපාධිධාරීන් සිව්දෙනකුට රැකියා දෙන්න ඇමැති දුමින්ද පොරොන්දු වෙයි
-
Wednesday, November 08, 2017
උපතින්ම දෙනෙත් අන්ධ වූවද, උපරිම උත්සාහයෙන් අධ්‍යාපනය ලබා උපාධියක් ලබාගෙන රැකියාවක් අපේක්‍ෂාවෙන් සිටින අන්ධ තරුණ තරුණියන් සිව්දෙනකුගේ රැකියා සිහිනය සැබෑ කරන බවට ඇමැති දුමින්ද දිසානායක මහතා පොරොන්දු විය.
ඊයේ (07 දා) උතුරු මැද පළාත් සභාවේ ප්‍රධාන ඇමැතිවරයාගේ නිල කාමරයේදී දුමින්ද දිසානායක ඇමැතිවරයා මෙසේ පොරොන්දු විය. දෙනෙත් නොපෙනෙන තරුණියක් හා තවත් තරුණයෝ දෙදෙනෙක් සිය දෙමාපියන් සමගින් පැමිණියහ. තවත් එක් අන්ධ උපාධිධාරියකු සිටින බවත් ඔහු අසනීප තත්ත්වයක් නිසා අමාත්‍යවරයා හමුවට ඊයේ නොපැමිණි බවත් ඔවුහු පැවසූහ.
ඔවුන් අමාත්‍යවරයාට කියා සිටියේ පසුගියදා උතුරු මැද පළාත් සභාව මගින් ලබා දුන් උපාධි ගුරු පත්වීම් සඳහා ඉල්ලුම් කළ ද එම පත්වීම් නොලැබුණ බවයි. තමන්ට පාසල් වල සාමාන්‍ය සිසු දරු දැරියන්ට ඉගැන්වීමේ හැකියාව පවතින බැවින් අන්ධ බව නොසලකා පත්වීම් ලබා දීමට කටයුතු කරන ලෙසට ඔවුහු ඉල්ලා සිටියහ.
ඇමැති දුමින්ද දිසානායක මහතා එහිදී ඔවුනගෙන් විමසා සිටියේ සාමාන්‍ය පාසලක ඉගැන්වීම තරමක් ප්‍රායෝගිකව අපහසු බැවින් රජයේ වෙනත් කාර්යාලයක රාජකාරි කිරීමේ හැකියාවක් පවතින්නේද යන්නයි. ඔවුන් එහිදී කියා සිටියේ ගණිතය, විද්‍යාව වැනි සංකීර්ණ විෂයන් ඉගැන්වීම අපහසු වුවද සිංහල, බුද්ධාගම වැනි විෂය කරුණු දරුවන්ට නවීන තාක්‌ෂණය උපයෝගී කරගෙන ඉගැන්වීමේ හැකියාව පවතින බවයි. කාර්යාලයක රාජකාරි කිරීම තරමක් අපහසු බැවින් පාසලක ඉගැන්වීම සිදු කළ හැකි බවද ඔවුහු පැවසූහ.
ආබාධිත පුද්ගලයන්ට රාජ්‍ය අංශයේ රැකියාවලින් 3% පිරිනැමිය යුතු බවට රජයේ නියමයක් පවතින බැවින් එම දෙනෙත් නොපෙනෙන උපාධිධාරීන්ට රැකියාවක් ලබාදිය යුතු බවත්, උත්සහයෙන් ජීවිතය දිනූ මොවුන්ට රැකියා අවස්‌ථාවක් සලසා දීමට කඩිනමින් පියවර ගන්නා ලෙසත් නිලධාරීන්ට ඇමැතිවරයා එහිදී උපදෙස් ලබා දුන්නේය.
ඒ අනුව ඉදිරියේදී කඩිනමින් ඔවුන්ට රැකියාවක් ලබා දීමට ඇමැතිවරයා පොරොන්දු විය.
Most Reading
-
කාන්තාවකට අයුතු අවහිරයක් සිදුකර කර සාපරාධී බලහත්කාරකමක් කිරිමට අදාළව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතාගේ බිරිඳ සහ දියණිය වහා...
-
ysgmq fj<| weu;s fcdkaiagka m%kdkaÿf.a n;a;ruq,a," chjvk.u msysá ksjfia jeisls,s jf,ka" ckm%sh .dhsld iñ;d trkao;S uqÿkafldg...
-
ඉදිරි දින කිහිපය තුළ සුවිශේෂී වෙනස්කමක් සිදුකරන බව ජනාධිපති ම්‍රෛතීපාල සිරිසේන මහතා අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දැනුම් දී තිබේ. පළාත්...
-
දේශපාලනයේ අලුයට ගිනි නැංවෙමින් ඇත. පලාත් පාලන මැතිවරණ ජයග්රහණයෙන් පසු හිස උදුම්මාගත් බැසිල් රාජපක්ෂ ප්රමුඛ බැසිල්ගේ වන්දිභට්ඨයින් විසින...
-
udOHfõ§ ,ika; úl%u;=x. uy;d >d;kh ùug fmr tjlg ysgmq ckm;s uyskao rdcmlaI uy;dg ÿrl:kfhka l;d lr we;s nj Tyqf.a udOH m%ldYl frdydka je...